ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත ලෝක කුසලන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිලේ බලාපොරොත්තු සසළ කරමින් ශී‍්‍ර ලංකා පන්දු යැවීමේ බල ඇණියේ ප‍්‍රබලම තුරුමුපුව වන ලසිත් මාලිංග සැත්කමක් සඳහා ඕස්ටේ‍්‍රලියාව හෙට පෙරවරුවේදී ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යනු ඇත. මාලිංගගේ වම් පාදයේ වළලූකර ආශි‍්‍රතව මෙම සැත්කම කෙරෙන අතර සැත්කමෙන් පසුව මාස හතරක කාලයක් ඔහුට කී‍්‍රඩාවෙන් ඈත්වී සිටීමට සිදුවනු ඇතැයි වෛද්‍ය නිර්දේශයයි.
ඕස්ටේ‍්‍රලියාවේදී සහ නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස 14 වැනිදා ආරම්භ වන අතර තරගාවලියේ පළමු තරගය වන්නේ ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ක‍්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැත්වෙන තරගයයි.
එහෙත් ලසිත් සැත්කමට ලක් කිරීමෙන් පසුව ලසිත් මාලිංගට නැවතත් පුහුණුවීම් ආරම්භ කළ හැකි වන්නේ ලබන වසරේ ජනවාරි මාසයේ අවසන් සතියේදීය.
මෙම සැත්කම නිසා ලබන නොවැම්බර් සහ දෙසැම්බර් මසවලදී එංගලන්තයට එරෙහිව ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන එක්දින තරග 7 ම ලසිත් මාලිංගට අහිමි වන අතර ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේදී පැවැත්වෙන එක්දින තරග 7 ක් සඳහා කී‍්‍රඩා කිරීමේ අවස්ථාවද මාලිංගට අහිමි වීමේ අවදානමක් තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.