මේ වන විට ඕස්ටේ‍්‍රලියාවේ බිග් බෑෂ් (විස්සයි:20) තරගාවලියට සහභාගි වෙමින් සිටින ලසිත් මාලිංග සහ අජන්ත මෙන්ඩිස් දෙදෙනා වහාම ශී‍්‍ර ලංකාවට කැඳවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනනය තීරණය කර ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අදාළ කී‍්‍රඩකයක් දෙදෙනාම දැනුම්වත් කර ඇති බවත් ඔවුන් දෙදෙනා අද හෙටම නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණෙනු ඇති බවත් නිශාන්ත රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
”ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ සියලූම කී‍්‍රඩකයන් ඉදිරි දින කිහිපයේදී දැඩි පුහුණුවීමක නිරත විය යුතු යයි අප අදහස් කළා. ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉදිරියේ තියෙන්නේ ඉතාමත් කාර්ය බහුල සමයක්”
”ලසිත් මාලිංග සහ අජන්ත මෙන්ඩිස් දෙදෙනාම හදිසියේ කැඳවීමට තීරණය කළේ අපේ පුහුණුකරුවන්ගේ සහ තේරීම් කමිටු නිලධාරීන්ගේත් අදහස් විමසීමෙන් පසුවයි” යයි නිශාන්ත රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
කණ්ඩායමක් එක්ව පුහුණුවීම් කිරීම වඩාත් වැදගත් යයි අදහස් කළ හෙයින් ලසිත් මාලිංග සහ අජන්ත මෙන්ඩිස් දෙදෙනා වහාම ශී‍්‍ර ලංකාවට කැඳවිය යුතු යයි තමන් යෝජනා කළ බව ජාතික තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතාද ස්ථිර කළේය.
කෙසේ වෙතත් බිග් බෑෂ් තරගාවලියට කී‍්‍රඩා කරමින් සිටින තිලකරත්න ඩිල්ෂාන් කඩිනමින් ශී‍්‍ර ලංකාවට කැඳවීමේ අවශ්‍යතාවක් නැතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගාවලියේදී ලසිත් මාලිංග නැවතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇතුළත් කිරීමේ අපේක්‍ෂාවක් ඇතිද යන්න කළ විමසීමකදී තේරීම් කමිටු සභාපතිවරයා කියා සිටියේ තමන්ගේ උපදෙස් පිළිපදින්නේ නම් එහි ප‍්‍රශ්නයක් නැති බවයි.
”එයාගේ (මාලිංගගේ) ශාරීරික යෝග්‍යතාව පිළිබඳ විශාල ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි එයාව එක්දින තරගාවලියෙන් පස්සේ බංග්ලාදේශ සංචාරයට ඇතුළත් කර නොගන්න අපි තීරණය කළේ”
”ඒත් ජාතික කණ්ඩායම එක්ක වෙහෙස මහන්සියෙන් වැඩ කරන්න එයා උනන්දු වෙනවා නම් ඔහුව ඉවත් කරලා තියන එක අසාධාරණ බවයි අප හිතන්නේ..මොකද ඔහු ලෝකයේ සිටින ඉතාමත් විශිෂ්ට පන්දු යවන්නෙක්” යයි සනත් ජයසූරිය මහතා පැවසීය.
”බිග් බෑෂ් තරගාවලියෙන් ඉවත් වෙලා ඇවිදින් අපේ පුහුණුකරුවන් සහ අභ්‍යාසකවරුන් එක්ක වැඩකරන්න තමන් සූදානම් බව ඔහු පෙන්නුම් කරන්න ඕනෑ” යයිද සනත් ජයසූරිය වැඩිදුරටත් පැවසීය.
බිග් බෑෂ් තරගාවලියට සහභාගි වන ලසිත් මාලිංගට තරග කිහිපයකදීම අවස්ථාව නොලැබුණු අතර මාලිංග කී‍්‍රඩා කරන මෙල්බර්න් ස්ටාර්ස් කී‍්‍රඩා සමාජය අවසන් වරට තරග කළේ පසුගිය 11 වැනිදාය. මෙල්බර්න් ස්ටාර්ස් පිල වෙනුවෙන් තරග 5 කට කී‍්‍රඩා කළ මාලිංග එහිදී ලබාගත්තේ කඩුලූ 5 ක් පමණි.
අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ සිටින වත්මන් කී‍්‍රඩකයන් අතුරින් අසම්මත ඉරියව්වකින් පන්දු යවන ලසිත් මාලිංග තමාගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව තත්ත්වය හේතුවෙන් 2011 අපේ‍්‍රල් මාසයේදී ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගත්තේය. එහෙත් එක්දින අන්තර්ජාතික තරග සහ වි:20 තරග සඳහා මාලිංග ශී‍්‍ර ලංකා පිල නියෝජනය කරයි.
මේ අතර, ශී‍්‍ර ලංකාවේ පුහුණුකරුවන් විසින් නියම කරනු ලබන පුහුණු අභ්‍යාසයන්හි නිරත වෙමින්, ලසිත් මාලිංගට තවත් දින කිහිපයක් මෙල්බර්න්හි රැඳී සිටීමට අවසර දෙන්න’යි මෙල්බර්න් ස්ටාර්ස් කී‍්‍රඩා සමාජය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ලිඛිතව දන්වා ඇතැයිද වාර්තා වේ. එසේ කළ නොහැකි නම් පෙබරවාරි මස 4 සහ 5 දිනවල පැවැත්වීමට නියමිත බිග් බෑෂ් තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහාවත් ඔහු නිදහස් කරන ලෙස මෙල්බර්න් ස්ටාර්ස් කී‍්‍රඩා සමාජය ඉල්ලා ඇත.
- ඬේලි මිරර් අනුග‍්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.