Last Update  :  2025-05-14 13:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාධ්‍යවේදියෝ ප‍්‍රධාන කී‍්‍රඩාගාරයේ සිට ලියති

මාධ්‍යවේදියෝ ප‍්‍රධාන කී‍්‍රඩාගාරයේ සිට ලියති

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

‘සෙරන්ඩිබ්’ කුසලාන තුන්කොන් රග්බි තරගාවලිය පැවැත්වෙන, නවීකරණය කළ කොළඹ පැරණි තුරඟ තරග පිටියේ මාධ්‍ය කුටිය නුසුදුසු ස්ථානය සකස්කර තිබීමෙන් ශ්‍රී ලංකාව සහ මැඩගස්කරය අතර පෙරේදා (26) පැවැති තරගය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීහූ දැඩි අපහසුතාවට පත්වූහ.

එම ස්ථානයේ සිට ජාත්‍යන්තර රග්බි තරගයක් නිසි ලෙස වාර්තා කිරීමට නොහැකි වීම නිසා මාධ්‍යවේදීහු ප‍්‍රධාන ක‍්‍රීඩාගාරයේ අසුන් ගත්හ.
ජාත්‍යන්තර තරගයකදී අනිවාර්යෙන් ලැබිය යුතු කණ්ඩායම් නාම ලේඛණවත් ලබාදීමට සංවිධායකයන් අසමත්වීම හේතුවෙන් මාධ්‍යවේදීහු දැඩි අපහසුතාවට පත්වූ අතර මැඩගස්කර ක‍්‍රීඩකයන්ගේ නම් ඔවුන්ගෙන්ම විමසා දැනගැනීමට සිදුවිය.  

තුරඟ තරග පිටියේ මාධ්‍ය කුටිය ඉදිරියෙන් පමණක් විවෘත ඉතාමත් පටු එකක් වූ අතර එහි සිට ක‍්‍රීඩාංගණයේ මැද කොටස පමණක් දර්ශනය වේ. තවද  ඕනැම තරගයකදී මාධ්‍ය කුටියට ලකුණු පුවරුව දර්ශනය වීම සාමාන්‍ය සම්ප‍්‍රදායක් වුවද මෙහි ලකුණු පුවරුව මාධ්‍ය කුටියට ඉහළින් ස්ථානගත කර තිබුණි.

සති දෙකකට පමණ පෙර මාධ්‍යවේදීන්ගෙන් සියලූ තොරතුරු සහ ඡුායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ ලබාගත්ත ද මාධ්‍ය හැදුනුම්පත ලෙස ‘මාධ්‍යවේදී’ ලෙස පමණක් සඳහන් කළ කාඞ්පතක් නිකුත්කිරීම හාස්‍ය දනවන තත්ත්වයක් වීතිබිණ. එම මාධ්‍ය හැදුනුම්පත කිසිදු පරීක්‍ෂාවකින් තොරව  ඕනෑම කෙනෙකුට ඉල්ලූ සැනින් ලබාදීම මෙහි වඩාත් හාස්‍ය දනවන තත්ත්වයයි.

ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන්ට මාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවක් දීමට සංවිධායකයන් පියවර නොගැනීම නිසා මාධ්‍යවේදීන්ට ක‍්‍රීඩාගංණයට ඇතුල්වීමට නොහැකි තත්ත්වයක්ද උද්ගත වූ අතර ජනාධිපති ආරක්‍ෂක අංශයේ උසස් නිලධාරීන්ගේ උපදෙස් අනුව පසුව ඇතුල්වීමේ අවස්ථාව ලැබුණි.     

මේ තත්ත්වය පිළිබඳව කළ විමසුමකදී මෙම තරගාවලියේ මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ ධම්මික හීන්පැල්ල මහතා පැවසුවේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවත් රග්බි සංගමය මාධ්‍ය කුටිය සකස් කළ බවත්ය.

ඡායාරූප - අමිල ගමගේ


අදහස් (1)

මාධ්‍යවේදියෝ ප‍්‍රධාන කී‍්‍රඩාගාරයේ සිට ලියති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.