ඒඞ්න් මාක්රම් (143) සහ ඩීන් එල්ගාගේ (113) පිතිහරඹය හමුවේ බංග්ලාදේශය එරෙහිව බ්ලූම්ෆොන්ටේන්හිදී අද (06 වැනිදා) ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයට තරගය අවසන් වනවිටදී පළමුව ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින දකුණු අප්රිකාව කඩුලු 3 ක් දැවී ලකුණු 428 රැස්කිරීමට සමත්විය.
හසිම් අම්ලා ලකුණු 89 ක් සහ ෆෆ් ඩුප්ලේසී ලකුණු 62 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳි සිටින අතර සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 140 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත්වූහ.
පළමු කඩුල්ල සදහා ලකුණු 243 ක අගනා සම්බන්ධතාවයක් ගොඩනගමින් පළමු දිනයේ වැඩි ගෞරව දකුණු අප්රිකාව වෙත හිමිකර දීමට ඒඞ්න් මාක්රම් සහ ඩීන් එල්ගා සමත්වූහ. ඩීන් එල්ගා සිය ටෙස්ට් දිවියේ 10 වැනි ශතකය ලබාගැනීමට සමත්වූ අතර බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලියේදී ඔහු රැස්කළ දෙවැනි ටෙස්ට් ශතකයද වන්නේය. සුබාශීස් රෝයීගේ පන්දුවක් හමුවේ මුස්ටෆිසූර් රහ්මන් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 113 කට ඩීන් එල්ගා දැවියන විටදී පන්දු 152 කට මුහුණදි සිටි අතර හතරේ පහර 17 කින් ඉනිම අලංකාර කිරීමට සමත්විය.
මංගල තරගයේදී ලකුණු 3 ක් මෙපිටින් සිටියදී ශතකය අහිමිකරගත් ඒඞ්න් මාක්රම් දෙවැනි ටෙස්ට් තරගයේදී සිය බලාපොරොත්තු මුදුන්පත් කරමින් මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට සමත්විය. පන්දු 186 කට මුහුණදුන් ඒඞ්න් මාක්රම් පන්දු 186 කට මුහුණදුන් අතර හතරේ පහර 22 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්විය.
දකුණු අප්රිකාව - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 428
(ඩීන් එල්ගා 113 , ඒඞ්න් මාක්රම් 143, හසිම් අම්ලා නොදැවී 89, ෆෆ් ඩුප්ලේසී නොදැවී 62, සුබාශීස් රෝයී 85/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.