Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම අතර එංගලන්තයේ කැන්ටබරී ප්‍රාන්තයේ ශාන්ත ලෝරන්ස්හි ස්පිට්ෆයර් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින ක්‍රිකට් තරගය අද (9 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය.
තරගය නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම, සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 200 ක් ලබා ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට වඩා ලකුණු 137 ක් ඉදිරියෙන් සිටියේය.
ඒ වන විට ආරම්භක පිතිකරු මාකස් ඕ’රියෝඩන් හතරේ පහර 12 ක් සමග ලකුණු 102 ක්ද, ජෝ ඩෙන්ලි හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 41 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගී තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 66 කි.
ටවන්ඩා මුයේරේ (56) සමග එක්ව කෙන්ට් දෙවැනි ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 124 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මාකස් සමත් විය. දිලුම් සුදීරගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවී ගිය මුයේරේගේ අර්ධ ශතකය හතරේ පහර 5 කින් සමන්විත විය.
තෙවැනි දිනය වූ ඊයේ (8 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 573 ක් ලබා සිටි ශ්‍රී ලංකා නැඟී එන ක්‍රීඩකයෝ, අද දිනයේදී කඩුලු 3 ක් අහිමිකර ගනිමින් තවත් ලකුණු 85 ක් සිය පළමු ඉනිමට එක්කර ගත්හ. එහිදී හතරේ පහර 8 ක් සමග ලකුණු 58 ක් රැස්කිරීමට සන්තුෂ් ගුණතිලක සමත් විය.
පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 658 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් වූ අතර එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ නිෂාන් මධුෂංක හයේ පහර 2 ක් සහ හතරේ පහර 37 ක් සමග ලකුණු 269 ක් රැස්කළේය.
කෙන්ට් ප්‍රාන්ත පිලේ පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 595
(මාකස් ඕ’රියෝඩන් 31, ජෝ ඩෙන්ලි 35, ජැක් ලීනිං 22, ඩැරන් ස්ටීවන්ස් 168, ජෝර්ජ් ලින්ඩි 107, බිලී මීඩ් නොදැවී 108, හමිදුල්ලා කෞද්‍රි 34, හෙන්රි පොඩ්මෝර් 56, ජස්කරාන් සිං නොදැවී 14, උදිත් මධුෂාන් 109/2, යසිරු රුද්‍රිගු 90/2, ධනංජය ලක්ෂාන් 106/2)
ශ්‍රී ලංකා නැඟී එන පිලේ පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 658
(ලසිත් කෘස්පුල්ලේ 136, නිෂාන් මධුෂංක 269, නුවනිඳු ප්‍රනාන්දු 99, ධනංජය ලක්ෂාන් 24, සන්තුෂ් ගුණතිලක 58, යසිරු රොද්‍රිරු 25, මැක්ස් ලකෙට් 72/2, ඩැරන් ස්ටීවන්ස් 80/2, ජෝජ් ලින්ඩේ 126/2)
කෙන්ට් ප්‍රාන්ත පිලේ දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 200
(මාකස් ඕ’රියෝඩන් නොදැවී 102, ටවන්ඩා මුයේරේ 56, ජෝ ඩෙන්ලි නොදැවී 41)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.