ශ්‍රී ලංකා කැරම් සම්මේලනය 17 වැනි වරටත් සංවිධානය කළ ජාතික කනිෂ්ඨ කැරම් ශූරතාවලියේදී ශූරතා පහක් සහ අනු ශූරතා හතරක් දිනාගනිමින් බාලිකා කාණ්ඩයේ කැපී පෙනෙ දස්කම් දැක්වීමට නුගේගොඩ මහාමායා බාලිකා විදුහලේ ක්‍රීඩිකාවෝ සමත් වූහ.
එහිදී අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 21 න් පහළ යන වයස් කාණ්ඩවල කේවල ශූරතා දිනාගත් මහාමායා ක්‍රීඩිකාවෝ, අවුරුදු 17 න් පහළ වයස් කාණ්ඩයේ යුගල ශූරතාවද දිනාගනිමින් ඉහළ දස්කම් දැක්වූහ. අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ වයස් කාණ්ඩවල කේවල අනු ශූරතාවලට මෙන්ම අවුරුදු 17 න් පහළ සහ 21 න් පහළ වයස් කාණ්ඩවල යුගල අනු ශූරතාවලටද මහාමායා ක්‍රීඩිකාවෝ හිමිකම් කීහ.
බාලක කාණ්ඩයේ වැඩි ගෞරව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් වූයේ එහිදී ශූරතා දෙකක් සහ අනු ශූරතා තුනක් දිනාගනිමිනි. ඊට අවුරුදු 17 න් පහළ කේවල සහ යුගළ ශූරතා මෙන්ම අවුරුදු 19 න් පහළ කේවල, 17 න් පහළ කේවල සහ යුගල අනු ශූරතාද ඇතුළත් විය.
කොළඹ රාජකීය විදුහලේ දිසුරු දිල්මිත් (අවුරුදු 17 න් පහළ) සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිනෙත් දුලක්‍ෂණ (අවුරුදු 21 න් පහළ) බාලක කාණ්ඩයෙන්ද, නුගේගොඩ මහාමායා බාලිකා විදුහලේ ටස්මිලා කාවින්දි (අවුරුදු 17 න් පහළ) සහ කොළඹ විශාඛා විදුහලේ සුමල්‍යා විදානගම (අවුරුදු 19 න් පහළ සහ 21 න් පහළ) බාලිකා කාණ්ඩයෙන්ද ද්විත්ව ශූරතා දිනාගැනීමට සමත් වූහ.
කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ පැවති මෙම ශූරතාවලිය සඳහා දිවයින පුරා පාසල් රැසක් නියෝජනය කරමින් තරගකරුවෝ 300 කට අධික පිරිසක් සහභාගී වූහ. එහිදී වයස් කාණ්ඩ 5 ක් යටතේ බාලක කේවල, බාලිකා කේවල, බාලක යුගල සහ බාලිකා යුගල ලෙස තරග ඉසව් පැවැත්විණ.
කේවල තරග ප්‍රතිඵල
අවුරුදු 13 න් පහළ (බාලක)
අශාන් අහුමාල් (කොළඹ ඩී.එස්. සේනානායක විදුහල) විසින් වට 1-0 ක් ලෙස මලික සී. ප්‍රනාන්දු (ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල) පරාජය කරන ලදි. (25/0)
අවු 13 න් පහළ (බාලිකා)
ලක්‍ෂිකා ආකර්ශනී (නුගේගොඩ මහාමායා බාලිකා විදුහල) විසින් වට 1-0 ක් ලෙස දිනුලි සන්දනායක (කොළඹ විශාඛා බාලිකා විදුහල) පරාජය කරන ලදි. (25/1)
අවුරුදු 15 න් පහළ (බාලක)
සුභාෂ් මධුරංග (මොරටුව වේල්ස් කුමර විදුහල) විසින් වට 2-0 ක් ලෙසගිනුර ගීතික (නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල) පරාජය කරන ලදි. (25/4, 25/0)
අවුරුදු 15 න් පහළ (බාලිකා)
යේශානි කෞෂල්‍යා (නුගේගොඩ මහාමායා බාලිකා විදුහල) විසින් වට 2-0 ක් ලෙස දේශානි කෞෂල්‍යා (නුගේගොඩ මහාමායා බාලිකා විදුහල) පරාජය කරන ලදි. (25/06, 25/22)
අවුරුදු 17 න් පහළ (බාලක)
දිසුරු දිල්මිත් (කොළඹ රාජකීය විදුහල) විසින් වට 2-1 ක් ලෙස නඩරාජන් සංකනිත් (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (25/0, 19/25, 25/08)
අවුරුදු 17 න් පහළ (බාලිකා)
ටස්මිලා කාවින්දි (නුගේගොඩ මහාමායා බාලිකා විදුහල) විසින් වට 2-1 ක් ලෙස නුවන්තිකා සංජීවනී (නුගේගොඩ මහාමායා බාලිකා විදුහල) පරාජය කරන ලදි. (25/02, 10/25, 25/20)
අවුරුදු 19 න් පහළ (බාලක)
සුරාජ් මධුවන්ත (මොරටුව වේල්ස් කුමර විදුහල) විසින් වට 2-1 ක් ලෙස සෙනත් රාජපක්‍ෂ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (25/24, 17/25, 25/12)
අවුරුදු 19 න් පහළ (බාලිකා)
සුමල්‍යා විදානගම (කොළඹ විශාඛා බාලිකා විදුහල) විසින් වට 2-0 ක් ලෙස ඊ. දිශාන්ති (යාපනය කොකුවිල් හින්දු විදුහල) පරාජය කරන ලදි. (25/20, 25/18)
අවුරුදු 21 න් පහළ (බාලක)
දිනෙත් දුලක්‍ෂණ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) විසින් වට 2-0 ක් ලෙස කවීන් නිම්නෙත් (නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල) පරාජය කරන ලදි. (25/05, 25/07)
අවුරුදු 21 න් පහළ (බාලිකා)
තරුෂි හිමහංසිකා (නුගේගොඩ මහාමායා බාලිකා විදුහල) විසින් වට 2-0 ක් ලෙස තරුෂිකා චමෝදි (නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විදුහල) පරාජය කරන ලදි. (25/0, 25/0)
යුගල තරග ප්‍රතිඵල
අවුරුදු 17 න් පහළ (බාලක)
දිසුරු දිල්මිත් සහ නඩරාජන් සංකනිත් (කොළඹ රාජකීය විදුහල) විසින් වට 2-0 ක් ලෙස විද්මාල් රාජපක්‍ෂ සහ ෂර්වින් ජයකොඩි (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදහ. (25/0, 25/24)
අවුරුදු 17 න් පහළ (බාලිකා)
ටස්මිලා කාවින්දි සහ නුවන්තිකා සංජීවනී (නුගේගොඩ මහාමායා බාලිකා විදුහල) විසින් වට 2-0 ක් ලෙස නිපුනි දිල්රුක්‍ෂි සහ හිරුෂි මල්ෂානි (නුගේගොඩ මහාමායා බාලිකා විදුහල) පරාජය කරන ලදහ. (25/19, 25/14)
අවුරුදු 21 න් පහළ (බාලක)
කවීන් නිම්නෙත් (නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල) සහ දිනෙත් දුලක්‍ෂණ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) විසින් වට 2-0 ක් ලෙස මලින්ද සඳරුවන් සහ දිලාන් මෙෂාක් (නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල) පරාජය කරන ලදහ. (25/21, 25/16)
අවුරුදු 21 න් පහළ (බාලිකා)
තරුෂි හිමහංසිකා සහ මාෂා නිර්මාණි (නුගේගොඩ මහාමායා බාලිකා විදුහල) හමුවේ කුසල්‍යා විදානගම සහ සුමල්‍යා විදානගමට (කොළඹ දේවී බාලිකා විදුහල) නිතරග ජයක්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.