Last Update  :  2025-01-12 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවරට පෙරමුණ අහිමි වීමේ අවදානමක්
අන්තර් සමාජ රග්බි ලීගය

මහනුවරට පෙරමුණ අහිමි වීමේ අවදානමක්

editorial - 2025 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ සිවුවැනි සතිය නිමාවට පත්වන විට තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. සිවුවැනි සතියේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගය ජය ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුවද, එහිදී ප්‍රසාද ලකුණක් හිමිකර ගැනීමට ඔවුන්ට නොහැකි වූහ. 

ඒ අනුව තරග 4 කට සහභාගි වී එම තරග 4 න්ම ජය ගෙන ඇති මහනුවර ක්‍රීඩා සමාජය, මේ වන විට ප්‍රසාද ලකුණු 3 ක්ද සමග ලබා සිටින මුලු ලකුණු සංඛ්‍යාව 23 කි. කෙසේ වුවත් පස්වැනි සතියේදී මහනුවර කණ්ඩායමට විවේකයක් හිමි ඇති බැවින් මෙම සතිය තුළ ඔවුන්ට ලකුණු සටහනේ අහිමි වීමේ අවදානමක් පවතී. 

මේ වන විට තරග 3 කට සහභාගි වී ප්‍රසාද ලකුණද සමග එම තරග 3 ම ජයගෙන සිටින සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය, පස්වැනි සතියේදී සහභාගි වන තරගයද ප්‍රසාද ලකුණ සමග ජයගැනීමට සමත් වුවහොත් ඔවුන්ගේ මුලු ලකුණු සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ යනු ඇත. එසේ වුවහොත් ඔවුන්ට මහනුවර කණ්ඩායම පසුපසට ඇද දමමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට හැකි වනු ඇත. 

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය තරග 4 කට සහභාගි වී ප්‍රසාද ලකුණු 3 ක් සමග තරග 3 ක් ජය ලබා මේ වන විට මුලු ලකුණු 18 කට හිමිකම් කියයි. කෙසේ වුවත් මෙතෙක් පැවැති තරගවලදී ලබාගත් ලකුණු සහ ප්‍රතිවාදී කණ්ඩායම්වලට ලබාදුන් ලකුණුවල පරතරය අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්ව තිබේ. 

තරග 3 කින් 2 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 2 ක් සමග මුලු ලකුණු 12 ක් ලබා සිටින ගුවන් හමුදාව ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයට පත්ව සිටියි. යුද හමුදාව එහි පස්වැනි ස්ථානයට පත්ව සිටින්නේ තරග 4 කින් තරග 2 ක් ජයගෙන එක් ප්‍රසාද ලකුණක් සමග මුලු ලකුණු 11 කට හිමිකම් කියමිනි. 

මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත. කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි. 

සිවුවැනි සතියේ තරග ප්‍රතිඵල 

  • ගුවන් හමුදාව ලකුණු 29-24 කින් නාවික පරදවයි. 
  • සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 38-10 යුද හමුදාව පරදවයි. 
  • ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ලකුණු 25-21 කින් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පරදවයි. 
  • මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 24-20 කින් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය පරදවයි. ‍

 

 


අදහස් (0)

මහනුවරට පෙරමුණ අහිමි වීමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.