Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මන්දනා ඉන්දියාව දිනවයි
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

මන්දනා ඉන්දියාව දිනවයි

editorial - 2022 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 9 වැනි දිනය වන අද (අගෝස්තු 6 වැනිදා) එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 4 කින් පරාජය කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. ඉන්දීය කණ්ඩායම සිය ඕවර 20 දී කඩුලු 5 ට ලකුණු 164 ක් ලබාගත්තේය. එංගලන්තයට ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 160 ක් පමණි.

පිත්තෙන් අගනා ලකුණු 61 ක් ලබාගත් ස්ම්‍රිති මන්දනා, ඉන්දියාවට තර්ජනයක් වෙමින් සිටි එංගලන්ත නායිකාව වන නැතලි ෂීවර් දුවද්දී දවාගැනීමටද සමත් වූවාය. පන්දු 43 කින් ලකුණු 41 ක් ලබා සිටි නැතලි ලකුණු ලබාගැනීම වේගවත් කිරීමට උත්සාහ කිරීමත් සමගම දුවද්දී දැවී ගියේය.

අවසන් ඕවරය ආරම්භවන විට කඩුලු 5 ක් අතැතිව සිටි එංගලන්තයේ ජයග්‍රහණයට පන්දු 6 කදී ලකුණු 14 ක් අවශ්‍යව තිබිණ. එහෙත් පළමු පන්දු දෙකට එක ලකුණක් පමණක් දුන් පන්දු යවන්නිය ස්නේ රානා, ඊළඟ පන්දුවේදී කැත්රීන් බ්‍රන්ට් දවාගත්තාය. සොෆී එක්සෙල්ස්ටන් අවසන් පන්දුව හතරේ සීමාවට ඉහළින් යැවූ නමුත් ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෞර් පැකිළීමකින් තොරවම පිති අතට ගැනීමට තම යෙහෙළියන්ට නියෝග කළාය.

මනස්කන්ත පිතිහරඹයක නිරත වූ ස්ම්‍රිති මන්දනා, පන්දු 32 කින් 8 ක් හතරේ සීමාවටත්, තවත් තුනක් ඊට ඉහළිනුත් යවමින් ලකුණු 61 ක් ලබාගත්තාය. ශෆාලි වර්මා සමගින් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක සම්බන්ධතාවක් පැවැත්වූ මන්දනා දැවී යාමෙන් පසුව එතැනට පැමිණි ජෙමීමා රොඩ්‍රිගුවස්, පන්දු 31 කින් ලකුණු 44 ක් ලබාගත්තේ හතරේ පහර 7 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 5 ට 164 යි
(ස්ම්‍රිති මන්දනා 61, ෂෆාලි වර්මා 15, ජෙමීමා රොඩ්‍රිගුවස් නොදැවී 44, හර්මන්ප්‍රීත් කෞර් 20, දීප්ති ෂර්මා 22, ෆ්‍රේයා කෙම්ප් 22/2)

එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 6 ට 160 යි
(සොෆියා ඩන්ක්ලි 19, ඩැනී වයිට් 35, ඇලිස් කැප්සි 13, නැතලි ෂීවර් 41, ඇමී ජෝන්ස් 31, ස්නේ රානා 28/2)

-213


අදහස් (0)

මන්දනා ඉන්දියාව දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.