Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බිග් බෑෂ් අ: පූර්ව තරගයට මාලිංගට අවසර

බිග් බෑෂ් අ: පූර්ව තරගයට මාලිංගට අවසර

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් ස්ටාර්ස් පිල වෙනුවෙන් බිග් බෑෂ්’ තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා කී‍්‍රඩා කිරීමට ලසිත් මාලිංගට අවසර දීමට  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තිරණය කර තිබේ.

මෙල්බර්න් පිල වෙනුවෙන් ‘බිග් බෑෂ්’ විස්සයි20 කි‍්‍රකට් තරගාලියට සහභාගි වෙමින් සිටියදී හදිසියේම ශී‍්‍ර ලංකාවට කැඳවන ලද ලසිත් මාලිංග, සිය පුහුණුවීම් වලදී පෙන්නුම් කරන ලද සාර්ථකත්වය සහ කැපවීම හේතුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ. මෙම තීරණය සම්බන්ධයෙන් ජාතික පුහුණු මණ්ඩලයේ සහ තේරීම් කමිටු නිලධාරීන්ගේද අනුමැතිය හිමිවී තිබේ.

මාලිංග ශී‍්‍ර ලංකාවට කැඳවීමේදී ඔහු නියෝජනය කළ මෙල්බර්න් ස්ටාර්ස් කී‍්‍රඩා සමාජය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් ඉල්ලා සිටියේ අඩුතරමේ අවසන් පූර්ව වටයේදී හෝ තම කී‍්‍රඩා සමාජය වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට මාලිංගට අවසර දෙන ලෙසයි.

බිග් බෑෂ් තරගාවලියේ අවසන් පූර්ව තරගය පෙබරවාරි මස 4 වැනිදා හරිකේන්ස් පිලට එරෙහිව මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

 


අදහස් (0)

බිග් බෑෂ් අ: පූර්ව තරගයට මාලිංගට අවසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.