Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා හිස්වැස්ම දිනූ ක්‍රීඩකයන් හත් දෙනකුගෙන් සමන්විත එස්.එස්.සී. ක්‍රීඩා සමාජය කඩුලු 6 කින් පරාජය කළ කොළඹ මැලේ ක්‍රිකට් සමාජ ක්‍රීඩකයෝ පිට පිටම දෙවැනි වතාවටත් ‘බී’ තලයේ අන්තර් සමාජ විස්සයි-20 තරගාවලියේ ශූරතාව දිනාගත්හ. ඔවුන් පසුගිය වසරේදීත් විස්සයි-20 ශූරතාව දිනාගත්තේ වත්මන් නායක සුධාර දක්‍ෂිතගේ නායකත්වයෙනි.
කොළඹ කෝල්ට්ස් පිටියේදී අද (9 වැනිදා) පැවැති අවසන් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එස්.එස්.සී. ක්‍රීඩකයෝ ලකුණු 100 කට දැවී ගියහ. ඕවර 18.2 කදී කඩුලු 4 කට ලකුණු 101 ක් ලබාගත් මැලේ ක්‍රීඩකයෝ පහසුවෙන්ම තරගය ජයගත්හ.
ශ්‍රී ලංකා හිස්වැස්ම දිනා ඇති චමිඳු වික්‍රමසිංහ (05), දසුන් ශානක (16), දිනුර කළුපහන (19), අවිශ්ක ප්‍රනාන්දු (35), චරිත් අසලංක (2), නුවනිඳු ප්‍රනාන්දු (6) සහ ප්‍රමෝද් මධුශාන් (0) වැනි ක්‍රීඩකයන් බහුතරයකින් සමන්විත වූ නමුත් එස්.එස්.සී. ක්‍රීඩකයන්ට ලබාගත හැකිවූයේ ලකුණු 100 ක් පමණි.
අවසන් පූර්ව තරගයේදී කොළඹ මැලේ පිල වෙනුවෙන් පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ තිමිර මල්ෂාන් (පන්දු 26 කින් නොදැවී ලකුණු 42 යි) අද පන්දුවෙන් සිය කාර්යය අඩු නැතිවම ඉෂ්ඨ කළේය. කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වූ මල්ෂාන් ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගත්තේ එස්.එස්.සී, ඉනිම ලකුණු 100 කින් නතර කරමිනි. මල්ෂාන්ට අනගි සහයෝගයක් දුන් කාවින්ද ඊශ්වර (21/2) සහ චානක දේවින්ද (14/2) එස්.එස්.සී. පිතිකරුවන්ගේ අභිමානය බිමටම ඇද දැමූහ.
මැලේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ හිරන්ත ජයසිංහ සහ කාවින්ද ඊශ්වර පළමු කඩුල්ල සඳහා පන්දු 29 කින් ලකුණු 32 ක් එක් කළහ. ඉලක්කය අත පොවන මානයේ තිබුණත් කලබල නොවී කඩුලු අහිමි කර නොගත් මැලේ පිතිකරුවෝ, පන්දු 10 ක් ඉතිරිව තිබියදී තරගය අවසන් කළහ.
පන්දුවෙන් ද අසාර්ථක වූ එස්.එස්.සී. පන්දු යවන්නන් අතුරින් එක් අයකුට එක කඩුල්ලකට වඩා දවාගත නොහැකි විය. ඕවර 4 ක් යවමින් ලකුණු 21 කට කඩුලු 2 ක් දවාගත් කොළඹ මැලේ ක්‍රීඩා සමාජයේ කාවින්ද ඊශ්වර, පන්දු 18 කින් ලබාගත් ලකුණු 26 හේතුවෙන් අවසන් තරගයේ වීරයා වශයෙන් සම්මාන දිනාගත්තේය.
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 100 යි
(දසුන් ශානක 16, දිනුර කළුපහන 19, අවිශ්ක ප්‍රනාන්දු 35, තිමිර මල්ෂාන් 21/3, කාවින්ද ඊශ්වර 21/2, චානක දේවින්ද 14/2)
මැලේ ක්‍රිකට් සමාජය - ඕවර 18.2 කදී කඩලු 4 ක් දැවී 101 යි
(හිරන්ත ජයසිංහ 19, කාවින්ද ඊශ්වර 26, බුද්ධික හසරංග නොදැවී 25, කෙවින් සැමුවෙල් 18)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.