Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බ්‍රාස්වෙල්ගේ දස්කම් නවසීලන්තය දිනවයි

බ්‍රාස්වෙල්ගේ දස්කම් නවසීලන්තය දිනවයි

editorial - 2022 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මයිකල් බ්‍රාස්වෙල්ගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් අයර්ලන්තය කණ්ඩායමට එරෙහිව ඩබ්ලින්හිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමටද නවසීලන්තයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 217 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ ඕවර 38.1 ක් අවසානයේ කඩුලු 7 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පළමු තරගයේදී ශතකයක් ලබාගත් මයිකල් බ්‍රාස්වෙල්, මෙම තරගයේදීද වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 40 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 42 ක් රැස්කරමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ආරම්භක පිතිකරු ෆින් ඇලන් පන්දු 58 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර පහර 6 ක් සමග ලකුණු 60 ක්ද, නායක ටොම් ලේතම් පන්දු 73 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 55 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. මාක් අඩෙයර් සහ සිමි සිං කඩුලු 2 ක් දවාගැනීමට සමත් වුවද, ඔවුන්ට අයර්ලන්ත කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම ඕවර 48 ක්  අවසානයේ සියලු‍ දෙනා දැවී ලකුණු 216 ක් රැස්කළ අතර අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජෝජ් ඩො‍ක්‍රෙල් පන්දු 61 කින් ලකුණු 74 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමගිනි. හත්වැනි කඩුල්ල වෙනුවෙන් සිමි සිං (16) සමග එක්ව පන්දු 48 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩොක්‍රෙල් සමත් විය.

මයිකල් බ්‍රාස්වෙල්, මිචෙල් සෑන්ට්නර් සහ මැට් හෙන්රි කඩුලු 2 බැගින් බිඳහෙළමින් අයර්ලන්ත පිතිකරුවන් පීඩනයට පත් කළහ. පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දැක්වූ දස්කම් ‍හේතුවෙන් බ්‍රාස්වෙල් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

අයර්ලන්තය - ඕවර 48 කදී සියලු දෙනා දැවී 216  

(ඇන්ඩි මැක්බ්‍රයන් 28, කර්ටිස් කැම්පර් 25, ලෝකන් ටකර් 19, ජෝජ් ඩො‍ක්‍රෙල් 74, සිමි සිං 16, මාක් අඩෙයර් නොදැවී 27, මයිකල් බ්‍රාස්වෙල් 26/2, මිචෙල් සෑන්ට්නර් 32/2, මැට් හෙන්රි 40/2) 

නවසීලන්තය - ඕවර 38.1 කදී කඩුලු 7 ක් දැවී 219

(ෆින් ඇලන් 60, ටොම් ලේතම් 55, හෙන්රි ‍නිකෝල්ස් 17, ග්ලේන් පිලිප්ස් 16, මයිකල් බ්‍රාස්වෙල් නොදැවී 42, මාක් අඩෙයර් 29/2, සිමි සිං 51/2)

-036


අදහස් (0)

බ්‍රාස්වෙල්ගේ දස්කම් නවසීලන්තය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.