Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බ්‍රසීලයට ගෝල 4-1 ක දැවැන්ත ජයක්
කටාර් - 2022

බ්‍රසීලයට ගෝල 4-1 ක දැවැන්ත ජයක්

editorial - 2022 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

නේමාර් නැවතත් කණ්ඩායමට එක්වීමත් සමගින් සුපුරුදු තරග රටාවට අවතීර්ණ වූ බ්‍රසීල ක්‍රීඩකයෝ පිළිමළුන් පිටුදැකීමේ වටයේ පළමු තරගයේදීම දකුණු කොරියාව ගෝල 4-1 කින් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. මෙම ජයත් හේතුවෙන් බ්‍රසීලය ඊළඟ තරගයේදී ක්‍රොඒෂියාවට එරෙහිව තරග වදිනු ඇත. 

ක්‍රොඒෂියාව යනු 2018 ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව හිමිකරගත් කණ්ඩායමයි. 

තරගයේ පළමු අර්ධය නිමාවීමටත් පෙරම බ්‍රසීලය ගෝල 4-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය. විනීසියස් (කනිෂ්ඨ), නේමාර්, රිචාලිසන් සහ ලූකස් පැක්වේටා පිළිවෙලින් 7, 13, 29, 36 යන විනාඩි වලදී ගෝල ලබාගත්හ. එය නේමාර්ගේ 76 වැනි අන්තර්ජාතික ගෝලය වන අතර පේලේගේ වාර්තාව සම කිරීමට ඔහුට අවශ්‍ය වන්නේ තවත් එක ගෝලයක් පමණි. 

මේ වන විට 82 හැවිරිදි වියේ පසුවන බ්‍රසීල ශ්‍රේෂ්ඨයා වන පේලේ රෝගාතුරව බ්‍රසීලයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී. හෙතෙම සිය රෝහලේ සිට තරගය නැරඹීය. 

පැයකුත් විනාඩි 15 ක කාලයක් නිළකුණුව සිටි දකුණු කොරියාව වෙනුවෙන් තරගයේ 76 වැනි විනාඩියේදී පායික් සෙවුන්ග් ගෝලයක් ලබාගත්තේ බ්‍රසීලය තරමක ළිහිල් බවක් ආරම්භ කිරීමෙන් පසුවය. සර්බියාවට එරෙහිව පැවැති තරගයේදී නේමාර්ගේ පාදයේ වළලුකර උලුක්ක වීම හේතුවෙන් ඔහුට තරග දෙකක් මඟ හැරිණ. 

“ලෝක කුසලානය දිනාගැනීමේ හීනයක් අපට තියෙනවා. ඒත් අපි පියවරෙන් පියවර ඉදිරියට යන්න ඕනා” යයි නායක නේමාර් පැවසීය. 


අදහස් (0)

බ්‍රසීලයට ගෝල 4-1 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.