Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බන්දුල වර්ණපුර සමුගනී

බන්දුල වර්ණපුර සමුගනී

editorial - 2021 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ටෙස්ට් නායකයා වූ බන්දුල වර්ණපුර මහතා අද (18) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය.

මියයන විට 68 වැනි වියේ සිටි වර්ණපුර මහතා කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් ඉවත් වීමෙන් පසුව පුහුණුකරුවකු, කලමනාකරුවකු, නිලධාරියකු සහ කි‍්‍රකට් විස්තර විචාරකයකු මෙන්ම කී‍්‍රඩාංගණ සකස් කරන්නෙකු වශයෙන් මියයන තෙක්ම කි‍්‍රකට් කී‍්‍රඩාව හා ඇලී ගැලී සිටියේය.

මියයන විටත් කොළඹ බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩා සමාජයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි බන්දුල වර්ණපුර මහතා කලක සිට දියවැඩියා රෝගයෙන් පීඩා විඳිමින් සිටියේය. දෙසතියකට පමණ ඉහතදී හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කරන ලදී.

මේ වසරේ පැවැති ශ්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණයේදීත් සභාපති තනතුර සඳහා තරග කිරීමට ඉදිරිපත් වූ බන්දුල වර්ණපුර මහතා අවසාන මොහොතේදී එයින් ඉවත් විය.

එහෙත් ඔහු නැගෙනහිර පළාතේ අම්පාර නගරයට ආසන්නයේ ඉදිකෙරෙමින් පැවැති කි‍්‍රකට් කී‍්‍රඩාංගණයක කටයුතු සොයාබලමින් කී‍්‍රඩාව සමග පැවැති සම්බන්ධතා නිරන්තරයෙන් රඳවා ගත්තේය.

දෙදරු පියෙකු වන වර්ණපුර මහතාගේ පුතුන් දෙදෙනාගෙන් මධුර වර්ණපුර මහතා මෑතකදී විදේශගත වූ අතර, මාධව වර්ණපුර මහතා තවමත් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරතව සිටියි.

වර්ණපුර මහතාගේ අවසන් කටයුතු පිිළිබඳව පසුව දැනුම්දෙනු ඇත.

 


අදහස් (1)

බන්දුල වර්ණපුර සමුගනී
  • Senarath Tuesday, 19 October 2021 09:50 AM

    ඉක්මණින් අපෙන් සමුගැනීම දුකකි.. එතුමාට නිවන් සුව අත්වේවා..!!!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.