Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශයට කඩුලු 3 ක ජයක්
යොවුන් ආසියානු කුසලාන - 2025

බංග්ලාදේශයට කඩුලු 3 ක ජයක්

editorial - 2025 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව මෙන් නොවේ, බංග්ලාදේශය යනු 19 න් පහළ වයස් කාණ්ඩයේදී ලෝක කුසලානයක් දිනාගත් කණ්ඩායමකි. එවන් කණ්ඩායමක් හමුවේ ඇෆ්ඝනිස්ථානුවන් ලකුණු 283 ක් ලබාගත් නමුත් පසුපස බැලුවේ බංග්ලාදේශීන් නොවේ. ඩුබායි රාජ්‍යයේදී අද (13 වැනිදා) පැවැති යොවුන් ආසියානු කුසලාන තරගයේදී ඇෆ්ඝනිස්ථානුවන්ගේ අභියෝගය පන්දු 7 ක් ඉතිරිව තිබියදී සම්පූර්ණ කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ තරගයෙන් කඩුලු 3 ක පහසු ජයක් අත්කර ගත්හ. 

ෆයිසාල් ෂිනෝසාදා (103) ලබාගත් ශතකයත්, මැද පෙළ පිතිකරුවන්ගේ ධෛර්ය සම්පන්න පිතිහරඹයත් නිසා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් ඇෆ්ඝනිස්ථානු යෞවනයෝ සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් පුවරුවට දැමූහ. හත්වැනි කඩුල්ල දැවී ගියේ 46 වැනි ඕවරයේදී වුවත්, එතැන් සිට ප්‍රචණ්ඩ පිතිහරඹයක නිරත වූ අසිසුල්ලා මියාකිල් (නොදැවී 38) සහ අබ්දුල් අසීස් (නොදැවී 26) දෙදෙනා එක්ව ඉතිරිව තිබූ පන්දු 28 න් ලකුණු 58 ක් කණ්ඩායමට එකතු කර දුන්හ. 

ඉලක්කය කරා යාමේදී බංග්ලාදේශ යෞවනයෝ, නිසි පාලනයකින් යුතුව, ආක්‍රමණශීලී ආරම්භයක් ලබාගත්හ. ආරම්භක පිතිකරුවන් වූ සවාඩ් අබ්රාර් (96) සහ රිෆාට් බෙග් (62) දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 151 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් ඒ වෙනුවෙන් වැය වූයේ පන්දු 160 කි. එතැන් සිට ක්‍රමාණුකූලව ඉලක්කය කරා යාමේ අවස්ථාව බංග්ලාදේශයේ මැද පෙළ පිතිකරුවන්ට තිබිණ. 

ඔව්හු අපහසුවකින් තොරවම, 49 වැනි ඕවරයේදී, සිය ඉලක්කය සම්පූර්ණ කළහ. 


ඇෆ්ඝනිස්ථානු යොවුන් කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 7 ට 283 යි
(ඔස්මන් සදාත් 34, ෆයිසාල් ෂිනෝසාදා 103, උසායිරුල්ලා නියාසි 44, මෙහෙබුබ් ඛාන් 13, අසිසුල්ලා මියාකිල් නොදැවී 38, කාතීර් ස්ටැනික්සායි 11, අබ්දුල් අසීස් නොදැවී 26, ඉක්බාල් හොසේන් 63/2, ශාරියාර් අහමඩ් 43/2)

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම - ඕවර 48.5 කදී කඩුලු 7 ට 284 යි
(සවාඩ් අබ්රාර් 96, රිෆාට් බෙග් 62, අසිසුල් හකීම් 47, කලාම් සිද්දික් 29, රිසාන් හොසේන් නොදැවී 17, පර්වේස් ජිබොන් 13, කාතීර් ස්ටැනික්සායි 46/2, රූහුල්ලා ඇරබ් 48/2)


- 213


අදහස් (0)

බංග්ලාදේශයට කඩුලු 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.