ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ පිතිකරු ලයිස්තුවේ අංක 6 දක්වා ස්ථාවර නමුත් අංක 7 සහ 8 ස්ථාන දෙක වඩාත් විවෘත ස්ථාන බවට පත්ව තිබෙන බව වාර්තාවේ. මෙම ස්ථාන දෙක අත්පත් කරගැනීම සඳහා දිනේෂ් චන්දිමාල්, අශාන් පි‍්‍රයන්ජන්, තිළිණ කණ්ඩම්බි යන පිතිකරුවන් මෙන්ම තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස් සහ සීකුගේ ප්‍රසන්න අතර තියුණු තරගයක් පවතී.
අංක 7 ස්ථානයට බොහෝ විට විශේෂඥ පිතිකරුවකු යෙදෙවන අතර අංක 8 ස්ථානය තුන් ඉරියව් කී‍්‍රඩකයකුට වෙන් කෙරේ. එහෙත් තේරීම් කමිටු නිලධාරීන්ගේ උත්සාහය වන්නේ තිසර පෙරේරා අංක 7 කී‍්‍රඩා කිරීමට යොදවා ගනිමින් තරගයේ ස්වභාවය අනුව විශේෂඳ පන්දු යවන්නන් සිවු දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමයි. ඒ සඳහා තරගයේ ඕවර 10 ම යැවීමේ හැකියාවෙන් තිසර පෙරේරා සන්නද්ධ කිරීම පිණිස තේරීම් කමිටු නිලධාරීහු බලවත් උත්සාහයක යෙදෙමින් සිටති.
මෙම සියලූ බලාපොරොත්තු රඳවා ගනිමින් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන සිවුවැනි සහ පස්වැනි එක්දින තරග සඳහා ශී‍්‍ර ලංකා සංචිතයේ වෙනස්කම් කිහිපයක් කළ කි‍්‍රකට් තේරීම් කමිටුව එම තරග දෙක සඳහා කී‍්‍රඩකයන් 16 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම්කර තිබේ. එහිදී වමතින් චයිනමන් පන්දු යවන්නකු වන ලක්ෂාන් සඳකැන් කණ්ඩායමට එක්කර තිබේ. පළමු තරග තුනේදී සංචිතයට ඇතුළත්ව සිටි නමුත් එකම තරගයකට හෝ කී‍්‍රඩා නොකළ ශමින්ද එරංග වෙනුවට සුරංග ලක්මාල් නැවතත් සංචිතයට කැඳවා තිබේ.
තුන්වැනි එක්දින තරගයේදී අසාර්ථක වූ තිළිණ කණ්ඩම්බිට ස්ථානය අහිමි වී ඇති අතර එම ස්ථානය අශාන් පි‍්‍රයන්ජන්ට හිමිවී තිබේ. බොහෝ විට ඉදිරි තරග දෙකේදී අශාන්ට කණ්ඩායමේ ස්ථානයක් ලැබෙන බවද දැනගන්නට ඇත.
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන අවසන් එක්දින තරග දෙකේදී නුවන් කුලසේකර සහ සචිත්ර සේනානායක (අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තහනමින් මිදුණහොත්) නැවැතත් ශී‍්‍ර ලංකා සංචිතයට එක්වීමට නියමිත බවද වාර්තාවේ. සචිත්ර සේනානායකගේ පන්දු යැවීම නීත්‍යානුකූලද නැද්ද යන්න පිළිබඳ වාර්තාව මේ මස 8 වැනිදා වන විට ලැබෙනු ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීහු බලා සිටිති.
4 වැනි සහ 5 වැනි එක්දින තරග සඳහා ශී‍්‍ර ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, අශාන් පි‍්‍රයන්ජන්, ජීවන් මෙන්ඩිස්, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, ළහිරු ගමගේ සහ අජන්ත මෙන්ඩිස්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.