Last Update  :  2025-05-01 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පේරාදෙණිය මැදි විදුහල ශූරතාව දිනයි
එල්.වී. ජයවීර බොක්සිං තරගාවලිය

පේරාදෙණිය මැදි විදුහල ශූරතාව දිනයි

editorial - 2025 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය සංවිධානය කළ 49 වැනි ‘එල්. වී. ජයවීර’ අනුස්මරණ අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට පේරාදෙණිය මැදි විදුහල සමත් විය. එහි බාලිකා ශූරතාව දිනාගනු ලැබුවේ දොඹගොඩ සීලරතන මහ විදුහල විසිනි. 

රන් පදක්කම් 3 ක් දිනාගනිමින් පේරාදෙණිය මැදි විදුහල තරගාවලියේ ශූරතාවට හිමිකම් කී අතර හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලය එහි අනු ශූරතාවට හිමිකම් කීවේ රන් පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමිනි. 

පිලිමතලාව ධීරානන්ද විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කිලෝ ග්‍රෑම් 37-40 බර පංතිය යටතේ තරග වැදුණු පේරාදෙණිය මැදි විදුහලේ රිවිනු හේරත් සම්මාන දිනාගත්තේය. 

ඔහුට අමතරව පේරාදෙණිය මැදි විදුහල වෙනුවෙන් කිලෝ ග්‍රෑම් 43-46 බර පංතිය යටතේ තරග වැදුණු දියුනක ජයරත්න සහ කිලෝ ග්‍රෑම් 52-55 බර පංතිය යටතේ තරග වැදුණු ආකාෂ් සූරියබණ්ඩාරද රන් පදක්කම් දිනාගත්හ. 

දොඹගොඩ සීලරතන මහ විදුහල රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගනිමින් බාලිකා ශූරතාවට හිමිකම් කී අතර ලංකාතිලක මහ විදුහල එහි අනු ශූරතාව හිමිකර ගත්තේද රන් පදක්කම් 3 ක් දිනාගනිමිනි. 

කිලෝ ග්‍රෑම් 46-49 බර පන්තිය යටතේ තරග වැදුණු එන්.එම්. චෙනායා, කිලෝ ග්‍රෑම් 52-55 බර පන්තිය යටතේ තරග වැදුණු ආර්.ඩී. කුමාරි, කිලෝ ග්‍රෑම් 58-61 බර පන්තිය යටතේ තරග වැදුණු එච්.ඩී.අයි. සෙහන්සා, සීලරතන මහ විදුහල වෙනුවෙන් රන් පදක්කම් දිනාගත් ක්‍රීඩිකාවෝ වූහ. 


බාලක ඉසව්වල ජයග්‍රාහකයන් 

කිලෝ ග්‍රෑම් 30-33 බර පන්තිය 
පී.ඩී.වී. ප්‍රභාත් (මහනුවර විද්‍යාර්ථ විදුහල)

කිලෝ ග්‍රෑම් 33-35 බර පන්තිය 
ඕ.එස්. ශහීර (හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලය)

කිලෝ ග්‍රෑම් 35-37 බර පන්තිය 
වික්‍රමවර්ධන (කඹුරුපිටිය මහ විදුහල)

කිලෝ ග්‍රෑම් 37-40 බර පන්තිය 
රිවිනු හේරත් (පේරාදෙණිය මැදි විදුහල)

කිලෝ ග්‍රෑම් 40-43 බර පන්තිය 
යූ.ජී.ආර්. තීක්ෂණ (කොටගල, සිරි පැරකුම් විද්‍යාලය) 

කිලෝ ග්‍රෑම් 43-46 බර පන්තිය 
දියුනක ජයරත්න (පේරාදෙණිය මැදි විදුහල) 

කිලෝ ග්‍රෑම් 46-49 බර පන්තිය 
එස්.ඩී.ඩී.එස්. තේනුවර (ගම්පහ බණ්ඩාරනායක විදුහල) 

කිලෝ ග්‍රෑම් 49-52 බර පන්තිය 
එච්.පී.ආර්.යූ. හපුහින්න (කොළඹ රාජකීය විදුහල) 

කිලෝ ග්‍රෑම් 52-55 බර පන්තිය 
ජී.එම්.ඒ.එම්. සූරියබණ්ඩාර (පේරාදෙණිය මැදි විදුහල) 

කිලෝ ග්‍රෑම් 55-58 බර පන්තිය 
පී.වී.ඕ.ඕ.ඒ. පරණවිතාන (පිලිමතලාව ධීරානන්ද විදුහල) 

කිලෝ ග්‍රෑම් 58-61 බර පන්තිය 
ඒ.ඩී.වී.ආර්. අලුත්ගේ (හොරණ ශ්‍රී මේධංකර විදුහල) 

කිලෝ ග්‍රෑම් 61-64 බර පන්තිය 
එල්.යූ.ඒ.ටී. එරංගන (ගම්පහ බණ්ඩාරනායක විදුහල) 

කිලෝ ග්‍රෑම් 64-67 බර පන්තිය 
ජේ.ඒ.එම්.එස්.එස්. ජයසූරිය (හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලය) 

කිලෝ ග්‍රෑම් 67-70 බර පන්තිය 
එස්.එච්.ටී. අංජන (කොලොන්න ජාතික පාසල) 

කිලෝ ග්‍රෑම් 70+ බර පන්තිය 
එස්.එම්.ඒ.ඩී.එස්. සුක්ෂිත (කොළඹ ආනන්ද විදුහල) 


බාලිකා ඉසව්වල ජයග්‍රාහිකාවන් 

කිලෝ ග්‍රෑම් 30-33 බර පන්තිය 
ඩබ්.ජී.එස්.වී. ජයකොඩි (ලංකාතිලක මහ විදුහල)

කිලෝ ග්‍රෑම් 33-35 බර පන්තිය 
ජී.ජී.එස්. විහඟනා (ගෙලිඔය ශ්‍රී පංඥ්ඥානන්ද විදුහල)

කිලෝ ග්‍රෑම් 35-37 බර පන්තිය 
පී.ජී.එම්.එස්. අබේදීර (ලංකාතිලක මහ විදුහල)

කිලෝ ග්‍රෑම් 37-40 බර පන්තිය 
යූ.ජී.වී.ඊ.කේ. උඩවත්ත (ලංකාතිලක මහ විදුහල) 

කිලෝ ග්‍රෑම් 40-43 බර පන්තිය 
එච්.එම්.එස්. විජේමුනි (මහනුවර, හේමමාලි බාලිකා විදුහල) 

කිලෝ ග්‍රෑම් 43-46 බර පන්තිය 
ඩබ්.ඒ.ඩී.බී. වෙත්තසිංහ (ගෙලිඔය ශ්‍රී පංඥ්ඥානන්ද විදුහල)

කිලෝ ග්‍රෑම් 46-49 බර පන්තිය 
එන්.එම්. චෙනායා (දොඹගොඩ සීලරතන මහ විදුහල) 

කිලෝ ග්‍රෑම් 49-52 බර පන්තිය 
ජි.ඩී.ජී. පෙරේරා (හොරණ තක්ෂිලා විදුහල) 

කිලෝ ග්‍රෑම් 52-55 බර පන්තිය 
ආර්.ඩී. කුමාරි (දොඹගොඩ සීලරතන මහ විදුහල) 

කිලෝ ග්‍රෑම් 55-58 බර පන්තිය 
ඩී.එස්. වැලිකැටිය (හොරණ ශ්‍රී පාලි විදුහල) 

කිලෝ ග්‍රෑම් 58-61 බර පන්තිය 
එච්.ඩී.අයි. සෙහන්සා (දොඹගොඩ සීලරතන මහ විදුහල) 

කිලෝ ග්‍රෑම් 61-64 බර පන්තිය 
කේ.ජේ.එම්.ඕ. විහන්සා (හොරණ ශ්‍රී පාලි විදුහල)

කිලෝ ග්‍රෑම් 70+ බර පන්තිය 
එස්.එම්.ඒ.ඩී.එස්. සුක්ෂිත (කොළඹ ආනන්ද විදුහල) 

 

බාලක ශූරතාව දිනාගත් පේරාදෙණිය මැදි විදුහල 

 

බාලිකා ශූරතාව දිනාගත් දොඹගොඩ සීලරතන මහ විදුහල 

 

 


අදහස් (0)

පේරාදෙණිය මැදි විදුහල ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.