Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තෙදින පෙරහුරු තරගය අද (13 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. තරගය නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 178 ක් ලබා සිටියේය.
ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක් හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 63 ක්ද, නායක අසාර් අලී හතරේ පහර 3 ක් සමග ලකුණු 40 ක්ද ලබා සිටියදී සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව සලසා දෙමින් පිටියෙන් ඉවත්ව ගියහ. සෙසු ආරම්භක පිතිකරුවා වූ ඉමාම් උල් හක් හතරේ පහර 5 ක් සමග ලකුණු 30 ක් රැස්කළ අතර සර්ෆරාස් අහමඩ් නොදැවී ලකුණු 21 ක් ලබා තරගය නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.
දෙවැනි දිනය වූ ඊයේ (12 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 278 ක් ලබා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම, අද දිනයේදී තවත් ලකුණු 97 ක් රැස්කිරීමෙන් අනතුරුව සිය පළමු ඉනිම අත්හිටුවා පාකිස්තාන කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී ආරම්භක පිතිකරු නිෂාන් මධුෂ්ක හතරේ පහර 9 ක් සමග ලකුණු 57 ක් ලබාගත්තේය.
සහන් ආරච්චිගේ හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක්ද, චාමික කරුණාරත්න හතරේ පහර 5 ක් සමග ලකුණු 27 ක්ද රැස්කළ අතර මිනෝද් භානුක හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 32 ක්ද, ලක්ෂිත මනසිංහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 18 ක්ද ලබා ඉනිම අත්හිටුවන විට කඩුල්ලේ රැදී සිටියහ.
පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 323
(අසාර් අලී 43, බාබර් අසාම් 88, ෆාවඩ් අලාම් 22, මොහොමඩ් රිස්වාන් 31, සෞද් ශකීල් නොදැවී 30, ආඝා සල්මාන් 55, මොහොමඩ් නවාස් 16, ලක්ෂිත මනසිංහ 85/4, ලසිත් ඇඹුල්දෙණිය 83/2, දිල්ෂාන් මධුෂංක 59/2)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිලේ පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 375
(නිෂාන් මධුෂ්ක 57, සධීර සමරවික්‍රම 91, නුවනිඳු ප්‍රනාන්දු 78, නිපුන් ධනංජය 14, සහන් ආරච්චිගේ 28, චාමික කරුණාරත්න 27, මිනෝද් භානුක නොදැවී 32, ලක්ෂිත මනසිංහ නොදැවී 18, මොහොමඩ් නවාස් 24/2)
පාකිස්තාන දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 178
(අබ්දුල්ලා ශෆීක් 63, ඉමාම් උල්හක් 30, අසාර් අලී 40, සර්ෆරාස් අහමඩ් නොදැවී 21)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.