Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පෙරහුරු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 33 ක ජයක්

පෙරහුරු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 33 ක ජයක්

editorial - 2022 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවරදී අද (11 වැනිදා) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගයෙන් ලකුණු 33 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 155 ක් පමණි. චාමික කරුණාරත්න සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දවාගනිමින් එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ වෙස්ලි මැධිවෙරි පන්දු 42 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 43 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව ගියේය. මිල්ටන් ශුම්බා පන්දු 25 කින් ලකුණු 32 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් ලබා ගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස්, පන්දු 29 කට මුහුණ දෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 54 ක් රැස්කළේය. 

පැතුම් නිස්සංක (21) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මෙන්ඩිස් සමත් විය. පන්දු 15 කදී වාර්තා වූ පැතුම්ගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය. ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ ලකුණු 17 බැගින් රැස්කළහ. 

අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ වනිඳු හසරංග (නොදැවී 37) සහ දසුන් ශානක (නොදැවී 16) හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 24 කදී ලකුණු 55 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. පන්දු 14 කදී වාර්තා වූ වනිඳුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. 

ශ්‍රී ලංකාව - ඕවර 20 කදී කඩුලු 5 කට 188 
(පැතුම් නිස්සංක 21, කුසල් මෙන්ඩිස් 54, ධනංජය ද සිල්වා 17, ධනුෂ්ක ගුණතිලක 17, භානුක රාජපක්ෂ 17, දසුන් ශානක නොදැවී 16, වනිඳු හසරංග නොදැවී 37) 

සිම්බාබ්වේ - ඕවර 20 කදී කඩුලු 5 කට 155 
(රේගිස් චකබ්වා 20, ක්‍රෙග් අර්වින් 23, වෙස්ලි මැදිවේරේ 43, මිල්ටන් ශුම්බා 32, චාමික කරුණාරත්න 26/2, මහීෂ් තීක්ෂණ 39/2) 

-036 


අදහස් (0)

පෙරහුරු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 33 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.