Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පුහුණු තරගය අතරමැද දී අතහැර දමයි

පුහුණු තරගය අතරමැද දී අතහැර දමයි

ශනුක අරවින්ද - 2017 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සහ ඉන්දියාව අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින පුහුණු තරගය අතරමැදදී අතහැර දැමීමට දෙපිලේ නායකයෝ කටයුතු කළහ. දෙවැනි දිනය වූ අද (22 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9 ක් දැවි ලකුණු 312 ක් රැස්කළේය.

ඉනිමේ 9 වැනි කඩුල්ල බිඳවැටීමත් සමග ඉන්දියාව සිය ඉනිම අත්හිටවූ අතර ඉන් අනතුරුව දෙපිලේ නායකයන්ගේ එකගතාවය මත දෙවැනි ඉනිම ක්‍රීඩා නොකර තරගය අතහැර දැමිණ.

පළමු දිනය වූ ඊයේ (21 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 135 ක් ලබා සිටි ඉන්දීය පිතිකරුවෝ අද දිනයේදී සිය පළමු ඉනිම සඳහා තවත් ලකුණු 177 ක් එක් කරගත්හ. එහිදී නායක විරාට් කෝලි (53) ඇතුලු ඉන්දීය පිතිකරුවන් සිවු දෙනෙක්ම සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමට අවස්ථාව ලබා දෙමින් පිටියෙන් ඉවත්ව ගියහ.

අජින්ක්‍යා රහනේ (40), රෝහිත් ශර්මා (38) සහ ශිකර් ධවාන් (41) එලෙස පිටියෙන් ඉවත්ව ගිය ක්‍රීඩකයෝ වූහ. එහිදී විරාට් කෝලිගේ ඉනිම හතරේ පහර 8 කින් සමන්විත වූ අතර රෝහිත් ශර්මාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහරක්ද, ශිකර් ධවාන්ගේ ඉනිමට හතරේ පහර 7 ක්ද ඇතුළත් විය.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් පන්දු 58 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 54 ක් රැස්කළ අතර විකුම් සංජයගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවී ගියේය.

විශ්ව ප්‍රනාන්දු ලකුණු 37 කට කඩුලු 2 ක්ද, තරිඳු කෞෂාල් ලකුණු 81 කට කඩුලු 2 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

-036


අදහස් (0)

පුහුණු තරගය අතරමැද දී අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.