Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘පී‍්‍රමා කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දකුණු පළාත් කණ්ඩායම ඊයේ (7 වැනිදා) සමත් විය. කොළඹ කොල්ට්ස් කී‍්‍රඩා සමාජ කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී උතුරු මැද පළාත් කණ්ඩායම කඩුලූ 7 කින් පරාජය කරමින් දකුණු පළාත් කණ්ඩායම එම ශූරතාවට හිමිකම් කීවේය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 89 ක ඉලක්කයක් හඹාගිය දකුණු පළාත් කණ්ඩායම ඕවර 26.3 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය ප සුකර ගියේය.
දකුණු පළාත් කණ්ඩායමේ කේෂර නුවන්ත අවසන් තරගයේ වීරයා සහ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන දිනාගත් අතර එම කණ්ඩායමේම විනුර දුල්සර අවසන් තරගයේ දක්ෂතම පිතිකරුවා ලෙස සම්මාන දිනාගත්තේය.
උතුරු මැද පළාත් කණ්ඩායමේ මහේෂ් තීක්ෂණ, තරගාවලියේ වීරයා ලෙසත්, කළණ පෙරේරා දක්ෂතම පන්දු යවන්නා ලෙසත්, දකුණු පළාත් කණ්ඩායමේ රවිඳු රෂාන්ත දක්ෂතම පිතිකරුවා ලෙසත් සම්මාන දිනාගත්හ.
කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායම කඩුලූ 7 කින් පරාජය කරමින් දකුණු පළාත් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
මග්ගොන සරේ කී‍්‍රඩාංගණයේදී උතුරු මැද පළාත් කණ්ඩායම සහ බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි අවසන් පූර්ව තරගය වර්ෂාව නිසා අත්හැර දැමූ අතර තරගාවලියේ නිති රීතිවලට අනුව උතුරු මැද පළාත් කණ්ඩායම නිතරගයෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.
උතුරු මැද පළාත් කණ්ඩායම - ඕවර 45.5 කදී සියලූ දෙනා දැවී 88
(සුපුන් සමරනායක 17, කවීන් බණ්ඩාර 17, ප‍්‍රමිල ධනංජය 17, කේෂර නුවන්ත 11/3, දිළුම් සුදීර 16/2)
දකුණු පළාත් කණ්ඩායම - ඕවර 26.3 කදී කඩුල්ලක් දැවී 93
(විනුර දුල්සර නොදැවී 31, රවිඳු රෂාන්ත 26, කේෂර නුවන්ත නොදැවී 12, සහන් රණතුංග 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.