Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පීටර්සන්ට තිබූ අවධානය සංගා උදුරාගනී

පීටර්සන්ට තිබූ අවධානය සංගා උදුරාගනී

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

වසර පසුව එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගාවලියට එක්වූ කුමාර් සංගක්කාර 2015 ප‍්‍රාන්ත තරගාවලියේදී තමන් සහභාගි වූ පළමු තරගයේදීම ග්ලැමෝගන් පිලට එරෙහිව ශතකයක් ලබාගනිමින් කෙවින් පීටර්සන් වෙත තිබූ අවධානය උදුරාගත්තේය.

කාඞීෆ්හිදී පැවැති මෙම තරගයේ පළමු දිනය වූ ඉරිදා (19 වැනිදා) කී‍්‍රඩාව අවසන් වන විට සංගක්කාර නොදැවී ලකුණු 112 ක් ලබා සිටි අතර සරේ ප‍්‍රාන්ත කණ්ඩායම කඩුලූ 3 කට ලකුණු 363 ක් ලබාගෙන සිටියේය.

එංගලන්ත පිලට නැවතත් එක්වීමේ අටියෙන් කෙවින් පීටර්සන්ද සරේ ප‍්‍රාන්ත පිල නියෝජනය කිරීම නිසා මෙම තරගය කෙරේ විශාල අවධානයක් යොමුවී තිබිණ.

පීටර්සන් පිටියට එන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලූ 2 කට 111 ක් වශයෙනි. එහෙත් විනාඩි 37 ක් පමණක් පිටියේ රැඳුනු පීටර්සන් ලකුණු 19 කට දැවී යන විට සරේ පිලේ ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ කඩුලූ 3 කට 150 ක් ලෙසිනි.

එතැන් සිට සරේ පිල ඉදිරියට ගෙන ගිය සංගක්කාර සරේ පිලේ කඩුලූ රකින්නා වන ස්ටීවන් ඬේවිස් (නොදැවී 109) සමග එක්ව ලකුණු 363 ක් කරා ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 213 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ මෙම පිතිකරුවන් දෙදෙනා දිනයේ කී‍්‍රඩාව අවසන් කර කී‍්‍රඩාගාරයට එන විට සංගක්කාර හතරේ පහර 14 ක් සහ ඞීන් කොස්කර්ගේ පන්දුවක් හමුවේ ගැසූ හයේ පහරක්ද සිය ඉනිමට ඇතුළත් කර තිබිණ. එ සඳහා විනාඩි 256 ක් පිටියේ රැඳුනු සංගක්කාර පන්දු 184 කට මුහුණ දී තිබිණ.

දකුණු අපි‍්‍රකාවේ උපත ලද කෙවින් පීටර්සන්, වසර දෙකකට ඉහතදී යෝක්ෂයර් පිල හමුවේ කී‍්‍රඩා කිරීමෙන් පසු මුහුණ දුන් පළමු වැනි අන්තර් ප‍්‍රාන්ත ශූරතා ඉනිම මෙයයි. එබැවින් පීටර්සන් පිටියට පිවිසෙන විටත් විශාල අවධානයක් ඔහු වෙත යොමු විය. එහෙත් අඩහෝරාවකට මඳක් වැඩි කාලයක් පිටියේ රැඳුනු පීටර්සන්ට මුහුණ දිය හැකි වූයේ පන්දු 28 කට පමණකි.

එංගලන්ත සහ වේල්ස් කි‍්‍රකට් මණ්ඩලයේ මෑතකදී සිදුවූ වෙනස්කම් සමග එහි කළමණාකර අධක්‍ෂකවරයා  සිටි පෝල් ඩවුන්ටන් ඉවත්ව යාම නිසා නැවතත් එංගලන්ත පිලට එක්වීමේ අවස්ථාව තමන්ට ඇතැයි පීටර්සන් අදහස් කරයි.

පීටර්සන් දැවී යාමෙන් පසුව සංගක්කාර සහ ස්ටීව් ඬේවිස් දෙදෙනා එක්ව ග්ලැමෝගන් පන්දු යවන්නන් පතුරු ගැසූහ. සිවුවැනි කඩුල්ල වෙනුවෙන් මෙම පිතිකරුවන් දෙදෙනා එක්කළ ලකුණු 213 සඳහා ඔවුන්ට වැය වූයේ විනාඩි 195 ක් පමණි.

”එය හරිම අමාරු දවසක්. ඒත් සංගක්කාර අති විශිෂ්ට පිතිහරඹයක නිරත වුණා. තරුණයෙක් හැටියට මටත් ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා”

”කඩුලූ දවාගන්න නම් අපි පන්දුව නිවැරදි දුරින් පතිත කරන්න  ඕනා වගේම අපේ පන්දු රකින්නන් රඳවා තිබෙන ආකාරය අනුවත් පන්දු යවන්න  ඕනා” යයි ග්ලැමෝගන් පිලේ ක්‍රෙග් මැස්චේඞ් පැවසීය.

ස්ටීවන් ඬේවිස් සිය ඉනිම ගැන මහත් සතුටට පත්ව සිටී.

”සංගක්කාර නම් අදහාගන්නත් බෑ. එයා මගේ වීරයෙක්. ඒ වගේ කෙනෙක් එක්ක කඩුල්ලේ අනෙක් පැත්තේ කී‍්‍රඩා කරන්න ලැබීමත් වාසනාවක්”

”ඔහුත් එක්ක එකතු වෙලා මේ සම්බන්ධතාව ගොඩන`ගන්න ලැබීම මගේ ජීවිතයේ සුවිශේෂී දවසක්” යයිද ස්ටීවන් ඬේවිස් පැවසිය.


අදහස් (2)

පීටර්සන්ට තිබූ අවධානය සංගා උදුරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.