ශී‍්‍ර ලංකාවේ විවිධ අවශ්‍යතා ඇතිඅයගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට ආධාර කිරීම අරමුණු කරගනිමින් ‘ලෝරියස්’ සුහදතා පදනමට ආධාර පිණිස පැවැත්වෙන ‘බීෆි බිග් වෝක්’ සමාජ සත්කාර පාගමනට සහභාගි වී සිටින ශී‍්‍රමත් ඉයන් බොතම්ට කි‍්‍රකට් ලෝකයේ තවත් සදාදරණීය වීරයකු වන ස්ටීවන් වෝද අද (5 වැනිදා) එක්වූයේය. පාගමනේ පස්වැනි අදියර අද කොළඹදී පැවැත්විණ.
ඕස්ටේ්රලියානු පිලේ හිටපු නායකයකු වන ස්ටීවන් වෝ ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ මෙතක් බිහිවූ සාර්ථකම නායකයා ලෙසින් සැලකේ. --1999 සිට 2003 දක්වා කාලය අතරතුරදී ඕස්ටේ්රලියානු පිල මෙහෙයවූ ස්ටීවන් වෝ, ටෙස්ට් තරග 57 කදී නායකත්වය දරමින් ටෙස්ට් තරග 41 ක ජයග්‍රහණය කරා ඕස්ටේ්රලියානු පිලට කැඳවාගෙන ගියේය.
ශ්‍රීමත් ඉයන් බොතම් මූලිකත්වය දරන මෙම පාගමන සඳහා ඉන්දීය පිලේ හිටපු නායකයකන් දෙදෙනකු වන සුනිල් ගවස්කාර් සහ සව්රව් ගංගුලි දෙදෙනාත් ඊයේ (4 වැනිදා) එක්වූහ.
උතුරු නැගෙණහිර යුද්ධයෙන් මෙන්ම වසර 2004 දී ඇතිවූ සුනාමි ව්යසනනේ විපතට පත් ශී‍්‍ර ලංකාවේ ජනකොටස් වල ජීවන තත්ත්වය නැංවීම සඳහා මෙම සමාජ සත්කාර පාගමන සංවිධානය කෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.