Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැතුම් නිස්සංක විශිෂ්ට පිතිහරඹයක
ශ්‍රී ලංකා - එමීර් තරගය

පැතුම් නිස්සංක විශිෂ්ට පිතිහරඹයක

editorial - 2022 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පැතුම් නිස්සංකගේ අති විශිෂ්ට මෙන්ම සටන්කාමී ඉනිම හේතුවෙන් ජිලෝන්ග්හිදී අද (18 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 152 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. එමීර් පන්දු යවන්නන් ගල ග්‍රහයෙන් ගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අනපේක්‍ෂිත පහරක් දුන් කාර්තික් මෙයියප්පන්, මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට සිය අපේක්‍ෂිත ඉලක්කයට තරමක් මෙපිටින් නතර වීමට සිදුවිය. 

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක පන්දු 60 කින් ලබාගත් ලකුණු 74 ට 6 පහර දෙකක් සහ  4 පහර හයක් ඇතුළත් වූ නමුත් එහි ප්‍රයෝජනය ලබාගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය විශාල ලකුණු පරතරයකින් ජයගත යුතුව තිබේ. 
ලෝක කුසලාන දිනාගැනීම කෙසේ වෙතත් ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයගත යුතුමය. 

ඕවර 14 කදී කඩුලු 2 කට ලකුණු 114 ක් රැස්කරමින්, ඕවරයකදී 8.14 ක ලකුණු වේගයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා පිලේ ඉලක්කය වූයේ ලකුණු 160 ට වැඩි ගණනකි. එහෙත් මෙයියප්පන්ගේ කඩුලු ත්‍රිත්වය හරස්වීම නිසා ශ්‍රී ලංකාවේ අරමුණ අතරමග නතර විය. 

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක දෙදෙනාගෙන් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලැබිණ. ඕවර 4 කින් ලකුණු 37 ක් ලබාගත් මෙන්ඩිස් සහ නිස්සංක දෙදෙනා, ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. එතැන් සිට තරගයේ පාලනය අතට ගත් නිස්සංක සහ ධනංජය ද සිල්වා, අලංකාර ස්ලොග් ස්වීප් පහර මෙන්ම ඉන්සයිඩ් අවුට් පහර කිහිපයකින්ම අරාබි පන්දු යවන්නන්ට සංග්‍රහ කරමින් 12 වැනි ඕවරය වන විට තවත් ලකුණු 50 ක  සම්බන්ධතාවක් ගොඩනංවා තිබිණ. 

සහූර් ඛාන් වේගය අඩාල කරමින් යැවූ පන්දුවක්, පිට ඉන්නට එපිටින් ඇදී යද්දී, ක්‍ෂණිකව ඊට ස්ථානගත වූ පැතුම් නිස්සංකගේ පැඩ්ල් ස්වීප් පහරින් පන්දුව හතරේ සීමාවට ගියේය. එහෙත් ඊට පෙර පිතිකරුවා බිම ඇද වැටී සිටියේය. 

ඉනිමේ 19 වැනි ඕවරය නිමා වන විට ලකුණු 149 ක් පුවරුවේ තිබුණ නමුත් අවසන් ඕවරය යැවූ සහූර් ඛාන් වේගයන් වෙනස් කරමින්, ශ්‍රී ලංකා පිතිකරුවන් මුළාවට පත්කළේ ලකුණු 03 ක් පමණක් දෙමින් කඩුලු දෙකක් ද දවාගනිමිනි. 

ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව 

පැතුම් නිස්සංක - ඇ.බැසිල් හමීඩ් ප.සහූර් ඛාන් 74
කුසල් මෙන්ඩිස් - ක.මු.කළා ප.අර්යන් ලක්රා 18
ධනංජය ද සිල්වා - දුවද්දී දැවී ගියා  33
භානුක රාජපක්‍ෂ - කශීෆ් ඩාවුඩ් ප.මෙයියප්පන් 5
චරිත් අසලංක - ඇ.අරවින්ද් ප.මෙයියප්පන් 0
දසුන් ශානක - ප.මෙයියප්පන් 0
වනිඳු හසරංග - ඇ. බැසිල් හමීඩ් ප.ආයන් ඛාන් 2
චාමික කරුණාරත්න - ඇ.කශීෆ් ඩාවුඩ් ප.සහූර් ඛාන් 8
ප්‍රමෝද් මධුශාන් - නොදැවී  1
දුෂ්මන්ත චමීර - නොදැවී  1
අතිරේක 10
එකතුව ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී  152

කඩුලු වැටීම : 
1-42(කුසල් මෙන්ඩිස්), 2-92(ධනංජය ද සිල්වා), 3-117(භානුක රාජපක්‍ෂ), 4-117(චරිත් අසලංක), 5-117(දසුන් ශානක), 6-120(වනිඳු හසරංග), 7-150(චාමික කරුණාරත්න), 8-151(පැතුම් නිස්සංක)

පන්දුවට පහර නොදුන් පිතිකරු : 
මහීෂ් තීක්‍ෂණ

පන්දු යැවීම : 
ජුනයිඩ් සිද්දික් : 4-0-36-0
කශීෆ් ඩාවුඩ් : 1-0-14-0
සහූර් ඛාන් : 4-0-26-2
ආයන් ඛාන් : 3-0-16-1
ආර්යන් ලක්රා : 3-0-24-1
කාර්තික් මෙයියප්පන් : 4-0-19-3
බැසිල් හමීඩ් : 1-0-13-0


අදහස් (0)

පැතුම් නිස්සංක විශිෂ්ට පිතිහරඹයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.