Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන වයස 19 න් පහළ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලියට පාසල් ක‍්‍රිකට් සංගමය සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද ඒ සඳහා ගෙවීම් කරන ලෙස පාසල් ක‍්‍රිකට් සංගමයේ නිලධාරීන් පැවසූ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති කේ. මතිවානන් මහතා පැවසීය.
‘පාසල් ක‍්‍රිකට් සංගමය කැරැුල්ලකට සැරසෙයි’ යන ශීර්ෂය යටතේ පසුගිය 20 වැනිදා ‘ලංකාදීප’ පුවත්පතේ පළවූ වාර්තාව සම්බන්ධයෙන් කරුණු දක්වමින් මතිවානන් මහතා එසේ පැවසීය.
වයස 19 න් පහළ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලියේ සම්බන්ධීකරණ නිලධාරියාද වන කේ. මතිවානන් මහතා පැවසුවේ පාසල් ක‍්‍රීඩකයන් තරගාවලියට සහභාගි කරවීමට අධ්‍යාපන අමාත්‍යංශයෙන් අවසර ලබාගෙන ඇති බැවින් පාසල් ක‍්‍රිකට් සංගමයෙන් අවසර ලබා ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත්ය.
කේ. මතිවානන් මහතා එහිදී වැඩි දුරටත් විමසා සිටියේ පාසල් ගුරුවරුන් වන පාසල් ක‍්‍රිකට් සංගමයේ නිලධාරීන් ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමය වෙනුවෙන් ස්වෙච්ඡුාවෙන් සේවය කරන්නේ නම් වාර්ෂිකව ලක්‍ෂ ගණනින් දීමනා ලබාගන්නේ කෙසේද යන්නයි.
පාසල් ක‍්‍රිකට් සංගමයේ නිලධාරීන් 2013 සහ 2014 වසරවල ලක්‍ෂ ගණනින් දීමනා ලබාගෙන ඇති බවට සනාථ කරමින් පාසල් ක‍්‍රිකට් සංගමයේ එම වර්ෂවල ඇයවැය වාර්තාද ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරන ලදි.
පාසල් ක‍්‍රිකට් සංගමයේ 2014 වසරේ අයවැය වාර්තාවට අනුව එහි ප‍්‍රධාන නිලධාරීයකු එම වසරේ දුරකථන දීමනාව ලෙස රුපියල් 62,947 ක්, ඊට අමතරව විශේෂ දීමනාවක් ලෙස රුපියල් 420,000 ක් සහ වාර්ෂික දීමනාවක් ලෙස රුපියල් 35,000 ක් වශයෙන් වර්ෂය තුළදී රුපියල් 517,947 ක මුදල් ලබාගෙන තිබේ.
එම වාර්ෂයේදීම පාසල් ක‍්‍රිකට් සංගමයේ තවත් උසස් නිලධාරියකු දුරකථන දීමනාව ලෙසින් රුපියල් 30,218 ක්, විශේෂ දීමනාවක් ලෙස රුපියල් 300,000 ක් සහ වාර්ෂික දීමනාවක් ලෙස රුපියල් 25,000 ක් වශයෙන් වර්ෂය තුළදී රුපියල් 355,218 ක මුදල් ලබාගෙන තිබේ.
එම සංගමයේ උප තණතුරු දරණ නිලධාරීන් පස් දෙනකුට වර්ෂය තුළ දීමනා ලෙස රුපියල් 165,000 ක් ගෙවා තිබෙන අතර ප‍්‍රධාන තනතුරක් දරණ නිලධාරියකුට වාර්ෂික දීමනාව ලෙස රුපියල් 50,000 ක්ද ගෙවා තිබේ.
උප තනතුරු දරණ තවත් නිලධාරීන් දෙදෙනකුද විශේෂ දීමනාවක් ලෙස රුපියල් 44,000 බැගින් රුපියල් 88,000 ක මුදලක් ලබාගෙන තිබේ.
පාසල් ක‍්‍රිකට් සංගමයේ 2014 වසරේ අයවැය වාර්තාවට අනුව පාසල් ක‍්‍රිකට් සංගමයේ විධායක කමිටු රැස්වීම්වල (රුපියල් 6,90,495.00 ක්) සහ අනු කමිටු රැුස්වීම්වල (රුපියල් 5,95,470.50 ක්) වියදම රුපියල් 12,85,956.50 කි.
පාසල් ක‍්‍රිකට් සංගමය 2014 වසරේ වයස 19 න් පහළ තරගාවලියට රුපියල් 1,05,55,780.50 ක්, වයස 17 න් සහ 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලිවලට රුපියල් 62,57,366.00 ක් සහ වයස 13 න් පහළ තරගාවලියට රුපියල් 13,10,952.00 ක් ලෙස තරගාවලිය හතර සඳහා රුපියල් 1,81,24,098.50 ක මුදලක් වැයකර තිබේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් ඉදිරිපත් කරන ලද පාසල් කි‍්‍රකට් සංගමයේ අයවැය වාර්තා අනුව 2014 වර්ෂය තුළ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් රුපියල් 1,16,27,900.00 ක් සහ සිංගර් ශ්‍රී ලංකා ආයතනයෙන් රුපියල් 1,12,50,000 ක් පාසල් ක‍්‍රිකට් සංගමයට ලැබී තිබේ.
එම වසරේ පාසල් ක‍්‍රිකට් සංගමයේ ආදායම රුපියල් 2,58,08,412.55 ක් වූ අතර වියදම රුපියල් 2,58,60,867.00 කි. ඒ අනුව එම වසරේ සෘණ ශේෂය හෙවත් පාඩුව 52,454.45 කි.
මෙම වසරේ (2016) පාසල් ක‍්‍රිකට් සංගමයේ වාර්ෂික මහ සභාව සහ නිලවරණය මේ මස 29 වැනිදා පැවැත්වීමට නියමිත අතර එහිදී ලේකම් ධූරයට සිවුදෙනකු පමණ තරග කරන බව ද දැනගන්නට තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.