Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපන්දු ආයතනයේ තිබුණේ අඳ ක්‍රමයට ගිය පාලනයක්

පාපන්දු ආයතනයේ තිබුණේ අඳ ක්‍රමයට ගිය පාලනයක්

editorial - 2023 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නොමනා පාලනයත්, තනි පුද්ගල ව්‍යාපාරයක් අඳ ක්‍රමයට පවත්වාගෙන යන්නාක් මෙන්, එහි හිටපු සභාපතිවරුන් විසින් මෙතෙක් ගෙන යන ලද පාලනයත් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ විනාශයට වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

රටවල් 211 කින් 207 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව ඇද වැටීම සම්බන්ධයෙන් තෙවැනි පාර්ශවයකට චෝදනා කරමින් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ (කලින් සම්මේලනයේ) හිටපු නිලධාරීන් හැසිරෙමින් සිටින බවත් කුසලා සරෝජනි වීරවර්ධන කමිටු වාර්තා විමර්ශනය කිරීමේදී මෙම තත්ත්වය මැනවින් නිරීක්ෂණය වන බවත් එම  නිවේදනයේ දැක්වේ.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාව තහනමට ලක්වීමෙන් සම්පූර්ණ වගකීම නිරීක්ෂණයන් හයක් යටතේ කුසලා සරෝජිනී වාර්තාවේ දැක්වෙන බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

“පාපන්දු ආයතනයේ  ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිසේත්ම තෙවැනි පාර්ශ්වයකට දෝෂාරෝපණය කළ නොහැකිය. ඒ සම්බන්ධයෙන් එහි නිරීක්ෂණයන් හයක් දක්වා ඇත. ඒවා මෙසේය“ යනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය විසින් එවන ලද මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
1. ව්‍යවස්ථාව සැකසීම ප්‍රමාද කිරීම,
2. සම්මේලනයේ මුදල් පාලනය
3. එහි පරිපාලනය
4. නාමික ක්‍රීඩා සමාජ
5. කාර්යාල කටයුතු
6. ක්‍රීඩාවේ ප්‍රවර්ධනය අදාළ වීම

මේ හේතූන් නිසා රටේ පාපන්දු ක්‍රීඩාව බරපතළ ලෙස පහතට ඇද දැමීමට පසුගිය කාල සීමාවන්හිදි පාපන්දු සම්මේලනයේ තනතුරු හොබවනු ලැබූ සියල්ලන්ම නොමසුරුව දායකත්වය ලබාදී ඇත. ඊට අදාළ නම් ගම් දින වකවානු පිළිවලින් දක්වා ඇත.

පාපන්දු ආයතනයේ විධායක නිලධාරීන් ව්‍යාජ තොරතුරු  සහතික කර නාමික ලීග පවත්වාගෙන ගොස් ඇත. සීතාවක පාපන්දු ලීගය එවැනි නාමික ලීගයක් බවත් එහි සභාපති උපාලි  හේවගේ මහතා කොළඹ පාපන්දු සම්මේලන කාර්යාලයේ සේවය කරන බවත් කමිටු වාර්තාවෙන් නිරීක්ෂණය වී ඇත.

ශ්‍රී  ලංකාව තුළ දැන් පවතින පාපන්දු ලීග 64 න් අවම වශයෙන් 20% ක ප්‍රමාණයක් ඡන්ද  ලබාගැනීමේ අරමුණින්ම පිහිටුවා ඇත.

ක්‍රීඩා ඇමැතිවරයා ගැසට් නිවේදනයක් මගින්  ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ ලියාපදිංචිය ක්‍රීඩා පනතට අනුව අත්හිටුවා එහි බලතල වත්මන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවරා ගනිමින් මෙරට පැන නැගී තිබෙන වත්මන් පාපන්දු පරිපාලන අර්බුදය නිමා කිරීමට කටයුතු ආරම්භ කර ඇත. ඒ යටතේ 2023 ජනවාරි මස 14 වැනිදා සිට ශ්‍රී ලංකාවට පනවා තිබෙන ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කිරීම  සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් දියත් කිරීමටද පියවර ගන්නා බව ද මාධ්‍ය නිවේදනයෙන් කියැවේ.

- 223


අදහස් (0)

පාපන්දු ආයතනයේ තිබුණේ අඳ ක්‍රමයට ගිය පාලනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.