Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාණ්ඩ්‍යා - තිවාරි මුම්බායි පිල දිනවති

පාණ්ඩ්‍යා - තිවාරි මුම්බායි පිල දිනවති

editorial - 2021 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හර්දීක් පාණ්ඩ්‍යාගේ (නොදැවී 40) සහ සෞරබ් තිවාරිගේ (45) දක්ෂ පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 42 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර අද (28 වැනිදා) අබුඩාබිහිදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට මුම්බායි කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 136 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ පන්දු 6 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. මුම්බායි ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ හර්දීක් පාණ්ඩ්‍යා පන්දු 30 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 40 ක් රැස්කළේය.

ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’ කොක් පන්දු 29 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක්ද, සෞරබ් තිවාරි පන්දු 37 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 45 ක්ද රැස්කරමින් මුම්බායි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑම සඳහා මනා අඩිතාලමක් දැමූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 135 ක් ලබාගත් අතර පන්ජාබ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඒඩ්න් මාක්‍රම් පන්දු 29 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 42 ක් රැස්කළේය‍.

දීපක් හූඩා පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 28 ක් රැස්කළේය. නායක ලෝකේෂ් රාහුල් පන්දු 22 කදී ලකුණු 21 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි. එක් ඕවරයක් පමණක් යැවූ කිරන් පොලාඩ් එහිදී ප්‍රතිවාදීන්ට ලකුණු 8 ක් පමණක් ලබාදෙමින් කඩුලු 2 ක් බිඳහෙළු අතර ජස්ප්‍රීට් බුම්රා ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගත්තේය.

පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 135

(ලො‍කේෂ් රාහුල් 21, මන්දීප් සිං 15, ඒඩ්න් මාක්‍රම් 42, දීපක් හූඩා 28, හර්ප්‍රීත් බ්‍රාර් නොදැවී 14, කිරන් පොලාඩ් 08/2, ජස්ප්‍රීට් බුම්රා 24/2)

මුම්බායි ඉන්දියන්ස් පිල -  ඕවර 20 කදී කඩුලු 4 කට 137

(ක්වින්ටින් ඩි’ කොක් 27, සෞරබ් තිවාරි 45, හර්දික් පාණ්ඩ්‍යා නොදැවී 40, කිරන් පොලාඩ් නොදැවී 15, රවී බිෂ්නෝයි 25/2)

-036

 


අදහස් (0)

පාණ්ඩ්‍යා - තිවාරි මුම්බායි පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.