Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාණ්ඩ්‍යාගේ ගුජරාට් පිල අවසන් වටයට
අයි.පී.එල්.- 2022

පාණ්ඩ්‍යාගේ ගුජරාට් පිල අවසන් වටයට

editorial - 2022 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 57 වැනි තරගය ලෙස ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ ගුජරාට් ලයන්ස් කණ්ඩායම අතර පූනේහි මහාරාෂ්ඨ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 62 ක ජයක් ලැබූ ගුජරාට් ක්‍රීඩකයෝ තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබූහ.

නවතම කණ්ඩායමක් ලෙස මෙවර තරගාවලියට එක්වූ ගුජරාට් කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේ මෙතෙත් සහභාගි වූ තරග 12 න් 9 ක් ජයගෙන ලකුණු 18 ක් ලබාගනිමිනි. මූලික වටයේදී චෙන්නායි සුපර් කිංග්ස් සහ බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම්වලට එරෙහිව තවත් තරග 2 ක් ගුජරාට් කණ්ඩායමට ඉතිරිව තිබේ.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 145 ක ඉලක්කයක් හඹාගිය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට රෂීඩ් ඛාන් ප්‍රමුඛ ගුජරාට් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 13.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 82 ක් පමණි. ලකුණු 24 කට කඩුලු 4 ක් බිඳහෙළුෑ රෂීඩ් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

සිය මංගල අයි.පී.එල්. තරගයට ක්‍රීඩා කළ රවිශ්‍රීනිවාසන් සායි කිෂෝර් ලකුණු 7 කට කඩුලු 2 ක්ද, යෂ් දයාල් ලකුණු 24 කට කඩුලු 2 ක්ද දවාගනිමින් ගුජරාට් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා රෂීඩ්ට අනගි සහායක් දුන්හ.

පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවී යෑම ලක්නව් කණ්ඩායමට විශාල පාඩුවක් වූ අතර ලක්නව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ දීපක් හූඩා පන්දු 26 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක් රැස්කළේය.

 කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 144 ක් ලබා ගත්තේය. ගුජරාට් ඉනිම අරඹමින් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ශුබ්මන් ගිල් පන්දු 49 කදී නොදැවී ලකුණු 63 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි.

ඩේවිඩ් මිලර් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 26 ක්ද, රාහුල් තේවටියා පන්දු 16 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 22 ක්ද රැස්කරමින් ගුජරාට් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. නායක පහර්දීක් පාණ්ඩ්‍යාට පන්දු 13 කදී ලබාගත හැකි වූයේ ලකුණු 11 ක් පමණි.


ගුජරාට් ලයන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 144
(ශූබ්මන් ගිල් නොදැවී 63, ඩේවිඩ් මිලර් 26, රාහුල් තේවතියා නොදැවී 22, අවේෂ් ඛාන් 26/2)
 
ලක්නව් සුපර් ජයන්ට්ස් පිල - ඕවර 13.5 කදී සියලු දෙනා දැවී 82
(දීපක් හූඩා 27, රෂීඩ් ඛාන් 24/4, රවිශ්‍රීනිවාසන් සායි කිෂෝර් 07/2, යෂ් දයාල් 24/2)

 

-036


අදහස් (0)

පාණ්ඩ්‍යාගේ ගුජරාට් පිල අවසන් වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.