Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය කඩුලූ 3 ට 323 යි

පාකිස්තානය කඩුලූ 3 ට 323 යි

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක පාකිස්තානු පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මීර්පූර්හිදී අද (06) ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 323 ක් රැස් කිරීමට සමත්ව සිටියේය.

පළමු දිනය අවසන් වන විට අසාර් අලී (නොදැවී 127) සහ නායක මිස්බා උල් හක් (නොදැවී 09) පන්දුවට පහර දෙමින් සිටියහ.

අෂාර් අලී (නොදැවී 127) සහ යුනිස් ඛාන් (148) තෙවැනි කඩුල්ලට ලකුණු 250 ක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ආහ. අෂාර් අලී පන්දු 258 කදී හතරේ පහර 13 ක් සමගින් නොදැවී ලකුණු 127 ක් රැස්කර සිටියි. මෙය අෂාර් අලිගේ 8 වැනි ටෙස්ට් ශතකයයි.

සිය 98 වැනි ටෙස්ට් තරගයට සහභාගි වී සිටින යුනිස් ඛාන් පන්දු  195 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 148 ක් රැස් කළේය. මෙය යුනිස් ඛාන්ගේ 29 වැනි ටෙස්ට් ශතකයයි.

බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට පාකිස්තානයට ආරාධනා කළේය.


පාකිස්තානු පිල පළමු ඉනිම  ඕවර 90 කදී කඩුලූ 3 ට 323
(අෂාර් අලී නොදැවී 127, යුනිස් ඛාන් 148, මොහොමඞ් ශහිඞ් 43/2)

 

- 048


අදහස් (0)

පාකිස්තානය කඩුලූ 3 ට 323 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.