Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානුවෝ 3-2 කින් පෙරමුණ ගනිති

පාකිස්තානුවෝ 3-2 කින් පෙරමුණ ගනිති

editorial - 2022 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලාහෝර් නුවරදී ඊයේ (28 වැනිදා) පැවැති පස්වැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් ලැබූ පාකිස්තාන ක්‍රීඩකයෝ, දෙරට අතර පැවැත්වෙන තරග 7 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-2 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 146 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට හාරිස් රවුෆ් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් ලබාගත හැකි වූයේ ලකුණු 139 ක් පමණි. එහිදී රවුෆ් ලකුණු 41 කට කඩුලු 2 ක් දවාගත්තේය. 

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක මුයින් අලී පන්දු 37 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 51 ක් රැස්කළ අතර ඩේවිඩ් මලාන් පන්දු 35 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 36 ක් රැස්කළේය.  

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 145 ක් රැස්කළ අතර එහිදී ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් සිය 20 වැනි විස්සයි-20 අර්ධ ශතකය ලබාගත්තේය. පන්දු 46 කට මුහුණදුන් ඔහු හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසුවේය. 

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මාක් වුඩ් සිය ඕවර 4 ලකුණු 20 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළු අතර පාකිස්තාන පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඩේවිඩ් විලී සහ සෑම් කරන් කඩුලු 2 බැගින් දවාගත්හ.  

පාකිස්තානය - ඕවර 19 කදී සියලු දෙනා දැවී 145  
(මොහොමඩ් රිස්වාන් 63, ඉෆ්තිකාර් අහමඩ් 15, මාක් වුඩ් 20/3, ඩේවිඩ් විලී 23/2, සෑම් කරන් 23/2) 

එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 139 
(ඩේවිඩ් මලාන් 36, මුයින් අලී නොදැවී 51, සෑම් කරන් 17, හාරිස් රවුෆ් 41/2) 

-036


අදහස් (0)

පාකිස්තානුවෝ 3-2 කින් පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.