Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තය සහ ඕස්ටේ්රලියාව අතර මවුන්ට් මන්ගනුයි නුවර බේ ඕවල් ක්රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ක්රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කළ ඕස්ටේ්රලියානුවෝ, තරග 3 කින් සමන්විත තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.
ජයග්රහණය සඳහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය ඕස්ටේ්රලියාව ඕවර 16.3 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. නායකත්වයේ පිතිහරඹයක නිරත වෙමින් ඕස්ටේ්රලියාවට සාර්ථක ආරම්භයක් ලබාදුන් මිචෙල් මාෂ් පන්දු 43 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 85 ක් රැස්කළේය.
ට්රැවීස් හෙඩ් (31) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මාෂ්, ඉන් නොනැවතී දෙවැනි කඩුල්ල වෙනුවෙන් මැතිව් ෂෝට් (29) සමග එක්ව පන්දු 34 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්රහණය කරා ගෙන ගියේය. පන්දු 18 කදී වාර්තා වූ හෙඩ්ගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 181 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ටිම් රොබින්සන් පන්දු 66 කදී හයේ පහර 5 ක් දහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 106 ක් රැස්කළේය. ඩර්ලි මිචෙල් පන්දු 23 කින් ලකුණු 34 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 6 කට 181
(ටිම් රොබින්සන් නොදැවී 106, ඩර්ලි මිචෙල් 34, බෙවොන් ජෙකොබ්ස් 20, බෙන් ඩ්වර්සියස් 40/2)
ඕස්ටේ්රලියාව - ඕවර 16.3 කදී කඩුලු 4 කට 185
(මිචෙල් මාෂ් 85, ට්රැවීස් හෙඩ් 31, මැතිව් ෂෝට් 29, ටිම් ඩේවිඩ් නොදැවී 21, මැතිව් හෙන්රි 43/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.