Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නාමල් පතිරගේ
කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී කලාපයේ රටවල් හතේ සහභාගිත්වයෙන් අද (15) ආරම්භ වූ 10 වැනි දකුණු ආසියානු පාපන්දු වයස 17 න් පහළ (බාලක) තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකාව මුහුණ දුන් මූලික වටයේ පළමු තරගයෙන් නේපාලයට ගෝල 2- 0 කින් පරාජය විය.
තරගයේ පළමු භාගය දෙපිලම නිලකුණු තත්වයෙන් අවසන් කළේය. එහෙත් 54 වැනි විනාඩියේදී නේපාලය වෙනුවෙන් සමීර් කුමාර් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව අවසන් විනාඩිය දක්වාම ගෝල 1-0 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට නේපාලයට හැකි විය.
කෙසේ වුවත් තරගයේ අතිරේක කාලයේදී (90+3.54) ශ්‍රී ලංකාවට එරෙහිව තවත් ගෝලයක් වාර්තා කළ නේපාල ක්‍රීඩකයෝ ගෝල 2-0 ක් ලෙස සිය ජයග්‍රහණයේ වටිනාකම ඉහළ දමාගත්තේය. එම ගෝලය වාර්තා කරනු ලැබුවේද සමීර කුමාර් විසින්මය.
ශ්‍රී ලංකාව මූලික වටයේ 'ඒ' කාන්ඩයෙන් තරග වදින අතර ඔවුන්ට ඊළග තරගය බ්‍රහස්පතින්දා (18) රාත්‍රී 7.00 ට බංග්ලාදේශයට එරෙහිව යෙදි තිබේ. 'බී' කාන්ඩයේ මූලික වටයේ තරග දෙකක් අද (16) පැවැත්වේ.
ඒ ගියවර ශූරතාව දිනූ (2024) ඉන්දියාව හා මාලදිවයින අතරත්, භූතානය හා පාකිස්තානය අතරත්ය. මූලික වටයේ කාන්ඩ දෙකේ වැඩිම ප්‍රසාද ලකුණු ලාභීන් බවට පත් වන කණ්ඩායම් හතර සැප්තැම්බර් 25 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව වටයට නිර්දේශ ලබනු ඇත.
තරගාවලියේ අවසන් මහ තරගය සැප්තැම්බර් 27 වැනිදා පස්වරු 6.00 ට ආරම්භ වේ. මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවේ මෙතෙක් ලබා ඇති ඉහළම දක්ෂතාවය 2022 (කොළඹ) තරගාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසීමය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.