Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නාමල් පතිරගේ
කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු වයස 17 න් පහළ - බාලක තරගාවලියේ මූලික වටයේ සිය දෙවැනි තරගයට සහභාගි වූ සත්කාරක ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ ගෝල 4 - 0 ක (පළමු භාගය 1 - 0) පරාජයක් ලැබීය.
මූලික වටයේ සිය පළමු තරගයෙන් නේපාලයට ගෝල 2 - 0 කින් පරාජය වීම තුළ තරගාවලියේ අවසන් පූර්ව වටයේ අවස්ථාව ශ්‍රී ලංකාවට ඒ සමග අහිමි විය. එහිදී බංග්ලාදේශ කණ්ඩායමේ රිෆාට් කාසි තරගයේ දෙවැනි භාගයේදී ගෝල ත්‍රිත්වයක්ම වාර්තා කිරීමට සමත්වීම කැපී පෙණුනි.
බ්‍රහස්පතින්දා (25) පැවැත්වෙන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය බංග්ලාදේශය හා පාකිස්තානය අතරත් දෙවැනි අවසන් පූර්ව තරගය එදිනම ඉන්දියාව හා නේපාලය අතරත් පැවැත්වේ. එහි ජයග්‍රාහි කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය සෙනසුරාදා (27) පස්වරු 6 ට පැවැත්වේ.
ගියවර තරගාවලියේ ශූරතාව ඉන්දියාව දිනා ගෙන තිබේ. ශ්‍රී ලංකාව සත්කාරය දැරූ 2022 පැවැති තරගාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසීම හැරෙන්නට ඔවුන් මෙතෙක් තරගාවලියක ඉදිරියට යාමට සමත්ව නැත.
මූලික වටයේ තරග ප්‍රතිපලයන්ට අනුව පාකිස්තානයේ මූහූමද් අබ්දුල්ලා ගෝල හයක් ලබමින් මේ වන විට වැඩිම ගෝල ලාභියා බවට පත්ව සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.