Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ෆෆ් ඩුප්ලෙසීගේ වේගවත් පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 53 තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර ඩුබායිහිදී අද (7 වැනිදා) පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 134 ක් ලබාගත්තේය.
එහිදී පන්දු 55 කට මුහුණදුන් ඩුප්ලෙසී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 76 ක් රැස්කළ අතර මොහොමඩ් ශාමි යැවූ අවසන් ඕවරයේ තෙවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ලෝකේෂ් රාහුල් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.
සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී රවින්ද්‍ර ජදේජා (නොදැවී 15) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩුප්ලෙසී සමත් විය. පන්දු 17 කදී වාර්තා වූ ජදේජාගේ ඉනිමට හතරේ පහරක් ඇතුළත් වූ අතර නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 15 කදී ලකුණු 12 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.
කාසියේ වාසිය දිනූ පන්ජාබ් කණ්ඩායමේ නායක ලොකේෂ් රාහුල් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. චෙන්නායි කණ්ඩායම මේ වන විටත් අවසන් වටයට සුදුසුකම් ලබා සිටින අතර පන්ජාබ් කණ්ඩායම මෙම තරගය ජයගත්තද ඔවුන්ට අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාවක් හිමි නොවනු ඇත.
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 134
(රුතුරාජ් ගයික්වාද් 12, ෆෆ් ඩුප්ලෙසි 76, මහේන් සිං දෝනි 12, රවින්ද්‍ර ජදේජා නොදැවී 15, ක්‍රිස් ජෝඩාන් 20/2, අර්ෂ්දීප් සිං 35/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.