Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිෂාන් මධුෂංකගෙන් ද්විත්ව ශතකයක්
එංගලන්ත සංචාරය

නිෂාන් මධුෂංකගෙන් ද්විත්ව ශතකයක්

editorial - 2022 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ කැන්ටබරී ප්‍රාන්තයේ ශාන්ත ලෝරන්ස්හි ස්පිට්ෆයර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු සිවුදින තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ නිෂාන් මධුෂංක (269) සමත් විය. ඔහුගේ එම අනර්ඝ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ 37 කින් සමන්විත විය.

තෙවැනි දිනය වූ ඊයේ (8 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 573 ක් ලබා කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමට වඩා ලකුණු 22 ක් පසුපසින් සිටියේය.

දෙවැනි දිනය (7 වැනිදා) සඳහා තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 201 ක් ලබා සිටි ශ්‍රී නැඟී එන කණ්ඩායම ඊයේ දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 372 ක් එක්කර ගත්තේය. ශතකයක් ලබා සිටි ලසිත් කෘස්පුල්ලේ දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 136 කට දැවී ගියේය.

ලසිත් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 294 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නිෂාන්, ඉන් නොනැවතී නුවනිඳු ප්‍රනාන්දු (99) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 171 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

හයේ පහර 2 ක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 99 ක් ලබා ශතකය පෙනි පෙනී සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස නුවනිඳු දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. ඉන් අනතුරුව පිටියට පිවිසි ධනංජය ලක්ෂාන්ට හතරේ පහර 3 ක් සමග ලබාගත හැකි වූයේ ලකුණු 24 ක් පමණි.


කෙන්ට් ප්‍රාන්ත පිලේ පළමු ඉනිම - කඩුලු 8 කට 595
(මාකස් ඕ’රියෝඩන් 31, ජෝ ඩෙන්ලි 35, ජැක් ලීනිං 22, ඩැරන් ස්ටීවන්ස් 168, ජෝර්ජ් ලින්ඩි 107, බිලී මීඩ් නොදැවී 108, හමිදුල්ලා කෞද්‍රි 34, හෙන්රි පොඩ්මෝර් 56, ජස්කරාන් සිං නොදැවී 14, උදිත් මධුෂාන් 109/2, යසිරු රුද්‍රිගු 90/2, ධනංජය ලක්ෂාන් 106/2)

ශ්‍රී ලංකා නැඟී එන පිලේ පළමු ඉනිම - කඩුලු 6 කට 573
(ලසිත් කෘස්පුල්ලේ 136, නිෂාන් මධුෂංක 269, නුවනිඳු ප්‍රනාන්දු 99, ධනංජය ලක්ෂාන් 24)

 

-036

 


අදහස් (0)

නිෂාන් මධුෂංකගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.