Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නාවිකයෝ ශ්‍රී ලංකා බේස්බෝල් ශූරතාව දිනති

නාවිකයෝ ශ්‍රී ලංකා බේස්බෝල් ශූරතාව දිනති

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බේස්බොල් සම්මේලනය සංවිධානය කළ ශ්‍රී ලංකා බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට තරගාවලිය පුරා අපරාජිත බව රැකගත් නාවික හමුදා කණ්ඩායම සමත් විය. 

දියගම ශ්‍රී ලංකා-ජපන් මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී යුද හමුදා කණ්ඩායම පරාජය කරමින් නාවික හමුදා කණ්ඩායම තරගාවලියේ ශූරතාවට හිමිකම් කීවේය. අවසන් මහ තරගයේදී ලකුණු 14 ක් රැස්කිරීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූ අතර යුද හමුදා ක්‍රීඩකයන්ට එහිදී රැස්කරගත හැකි වූයේ ලකුණු 6 ක් පමණි. 

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස නාවික හමුදා කණ්ඩායමේ සාරද අබේරත්න සම්මාන දිනාගත් අතර අවසන් තරගයේ වීරයා ලෙස නිරෝෂන් කුමාර සම්මාන ලැබීය. අරුණ ශාන්ත (නාවික හමුදාව) දක්ෂම පන්දුවට පහරදෙන්නා ලෙසත්, තරිඳු මධුමාල් (නාවික හමුදාව) දක්ෂම පන්දු යොමුකරන්නා ලෙසත්, සමීර රත්නායක (යුද හමුදාව) දක්ෂම පන්දු රකින්නා ලෙසත් සම්මාන දිනාගත්හ. 

සිංගර් සමාගමේ ප්‍රධාන අනුග්‍රහාකත්වය යටතේ පැවැති මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ආදි ආනන්දීය කණ්ඩායම සමත් විය. කාන්තා තරගයේදී නාවික හමුදා කණ්ඩායම පරාජය කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් වූයේ ලකුණු 6-5 ක් ලෙසිනි. 

ලෝක බේස්බෝල් සම්මේලනයේ නියෝජිත හිරොකෝ යමඩා, සිංගර් සමාගමේ ජ්‍යෙෂ්ඨ කලමණාකර කේ.ඩී.එස්. කනිෂ්ක සහ ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයේ සභාපති ෆාසිල් හුසේන් යන මහත්වරු ප්‍රධාන ආරාධිතයන් ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වූහ. 

 

පිරිමි ශූරතාව දිනාගත් කණ්ඩායම 

Runner Up

පිරිමි අනු ශූරතාව දිනාගත් කණ්ඩායම 

Womens Champion

කාන්තා තරගය ජයගත් කණ්ඩායම

 

 

 

අදහස් (0)

නාවිකයෝ ශ්‍රී ලංකා බේස්බෝල් ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.