Last Update  :  2025-07-17 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය විස්සයි-20 තරගාවලිය සම කරයි

නවසීලන්තය විස්සයි-20 තරගාවලිය සම කරයි

editorial - 2023 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව ඩුනෙඩින්හි යුනිවර්සිටි ඕවල් ක්‍රීඩ‍ාංගණයේදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් ලැබූ නවසීලන්තය, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්කිරීමට සමත් විය. ඒ අනුව එළබෙන 8 වැනිදා ක්වීන්ස්ටවුන්හිදි පැවැත්වෙන තෙවැනි තරගය අවසන් මහ තරගයක ස්වරූපයක් ගනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 142 ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ, ඕවර 14.4 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. ප්‍රවේගකාරි පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු ‍ටිම් සෙයිෆර්ට් පන්දු 43 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 79 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

චැඩ් බෝව්ස් (31) සමග එක්ව පළමු කඩුල්ල‍වෙනුවෙන් පන්දු 20 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සෙයිෆර්ට්, ඉන් නොනැවතී ‍නායක ටොම් ලේතම් (නොදැවී 20) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 106 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

මෙම තරගයේදී  පන්දු යැවීම සඳහා තමාද ඇතුළුව පන්දු යවන්නන් 7 දෙනකු යොදා ගැනීමට නායක දසුන් ශානක කටයුතු කළද, ඔවුන් අතරින් කඩුල්ලක් දවාගත හැකි වූයේ කසුන් රාජිතට පමණි. එහිදී දිල්ෂාන් මධුෂංක යැවූ ඕවරයකදී ලකුණු 18 ක් රැස්කිරීමටත්, ධනංජය ද සිල්වා යැවූ ඕවර 1.4 කදී ලකුණු 31 ක් රැස්කිරීමටත් නවසීලන්ත පිතිකරුවෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇඩම් මිල්න් ප්‍රමුණ නවසීලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 141 ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඇඩම්, සිය ඕවර 4 ලකුණු 26 කට සීමා කරමින් කඩුලු 5 ක් බිඳහෙළු‍වේය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ධනංජය ද සිල්වා පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක් රැස්කළ අතර කුසල් පෙරේරා පන්දු 32 කින් ලකුණු 35 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි. පන්දු 19 කදී වාර්තා වූ චරිත් අසලංකගේ (24) ඉනිම හයේ පහර 2 කින් සමන්විත විය.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.ලිස්ටර් ප.මිල්න්     9
කුසල් මෙන්ඩිස් - ඇ.ලේතම් ප.ලිස්ටර්    10
කුසල් පෙරේරා - ඇ.නීෂම් ප.මිල්න්    35
ධනංජය ද සිල්වා - ඇ.ලිස්ටර් ප.රවින්ඩ්‍රා    37
චරිත් අසලංක - ඇ.සෝධි ප.මිල්න්     24
දසුන් ශානක - ඇ.ලිස්ටර් ප.ශිප්ලි     7
වනිඳු හසරංග - ඇ.මිල්න් ප.නීෂම්     9
මහීෂ් තික්ෂණ - ඇ.ලේතම් ප.ලිස්ටර්     0
ප්‍රමෝද් මධුෂාන් - ප.මිල්න්     1
කසුන් රාජිත - නොදැවී     1
දිල්ෂාන් මධුෂංක - ප.මිල්න්     0
අතිරේක     8
එකතුව ඕවර 19 කදී සියලු දෙනා දැවී     141

කඩුලු වැටීම :
1-18(මෙන්ඩිස්), 2-29(නිස්සංක), 3-91(පෙරේරා), 4-99(ධනංජය), 5-122(ශානක), 6-134(හසරංග), 7-135(තීක්ෂණ), 8-140(අසලංක), 9-141(මධුෂාන්), 10-141(මධුෂංක)

පන්දු යැවීම :
ඇඩම් මිල්න් 4-0-26-5, බෙන් ලිස්ටර් 4-0-26-2, හෙන්රි සිප්ලි 3-0-25-1, රචින් රවින්ඩ්‍ර‍ා 3-0-24-1, ජේම්ස් නීෂම් 2-0-20-1, ඉෂ් සෝධි 3-0-17-0

නවසීලන්තය
චැඩ් බෝව්ස් - ඇ.හසරංග ප.රාජිත    31
ටිම් සෙයිෆර්ට් - නොදැවී     79
ටොම් ලේතම් - නොදැවී     20
අතිරේක     16
එකතුව ඕවර 14.4 කදී කඩුල්ලක් දැවී     146

පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
ඩැරිල් මිචෙල්, මාක් චැප්මන්, ජෙම්ස් නීෂම්, රචින් රවින්ඩ්‍රා, ඇඩම් මිල්න්, හෙන්රි සිප්ලි, ඉෂ් සෝධි සහ බෙන් ලිස්ටර්

කඩුලු වැටීම :
1-40(බෝව්ස්)

පන්දු යැවීම :
මහීෂ් තීක්ෂණ 4-0-18-0, දිල්ෂාන් මධුෂංක 1-0-18-0, කසුන් රාජිත 2-0-25-1, ප්‍රමෝද් මධුෂාන් 2-0-21-0, දසුන් ශානක 1-0-10-0, වනිඳු හසරංග 3-0-22-0, ධනංජය ද සිල්වා 1.4-0-31-0


අදහස් (0)

නවසීලන්තය විස්සයි-20 තරගාවලිය සම කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.