Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය දෙවැනි ටෙස්ට් තරගය ජයගනී

නවසීලන්තය දෙවැනි ටෙස්ට් තරගය ජයගනී

editorial - 2025 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තය අතර වෙලින්ටන් නුරවදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නිමාවීමට තවත් දින 2 ක් ඉතිරිව තිබියදීම ඉන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තයට හැකි විය. 

තරගයේ තෙවැනි දිනය වූ අද (12 වැනිදා) ජයග්‍රහණය සඳහා ලකුණු 56 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. ඩෙවෝන් කොන්වේ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 28 ක්ද, කේන් විලියම්සන් හතරේ පහර 4 ක් සමග නොදැවී 16 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. 

දෙවැනි දිනය වූ ඊයේ (11 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 32 ක් ලබා කොදෙව්වන්ට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 96 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජෙකොබ් ඩෆී ලකුණු 38 කට කඩුලු 5 ක් දවාගත් අතර කොදෙව් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් මයිකල් රේයි ලකුණු 45 කට කඩුලු 3 ක් බිඳහෙළීය. 

පළමු තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කරමින් සිය කණ්ඩායම පරාජයෙන් ගළවාගත් ජස්ටින් ග්‍රේව්ස්ට මෙහිදී හතරේ පහර 3 ක් සමග ලබාගත හැකි වූයේ ලකුණු 25 ක් පමණි. නවසීලන්ත දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කවේම් හොජ් හතරේ පහර 5 ක් සමග ලකුණු 35 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කිං හතරේ පහර 4 ක් සමග ලකුණු 22 ක් රැස්කළේය.


කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 205 
(ජෝන් කැම්බල් 44, බ්‍රෙන්ඩන් කිං 33, ශායි හෝප් 47, රොස්ටන් චේස් 29, බ්ලෙයාර් තික්නර් 32/4, මයිකල් රේයි 66/3) 

නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 278 
(ඩෙවෝන් කොන්වේ 60, කේන් විලියම්සන් 37, ඩර්ලි මිචෙල් 25, මිචෙල් හැයි 61, සකාරි ෆෝල්ක්ස් නොදැවී 23, ඇන්ඩසන් පිලිප් 70/3, කේමර් රෝච් 43/2) 

කොදෙව් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 128
(බ්‍රෙන්ඩන් කිං 22, කවේම් හොජ් 35, ජස්ටින් ග්‍රේව්ස් 25, ජෙකෝබ් ඩෆී 38/5, මයිකල් රේයි 45/3)

නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 51 
(ඩෙවෝන් කොන්වේ නොදැවී 28, කේන් විලියම්සන් නොදැවී 16) 


-036 


අදහස් (0)

නවසීලන්තය දෙවැනි ටෙස්ට් තරගය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.