Last Update  :  2026-05-03 20:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තයට 25 - 10 ක ජයක්

නවසීලන්තයට 25 - 10 ක ජයක්

editorial - 2026 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ශ්‍රී ලංකා රග්බි පිලත් නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු රග්බි පිලත් අතර නිත්තවෙල ක්‍රීඩා පිටියදීී අද (3 වැනිදා) පැවති තරඟයෙන් ලකුණු 25-10 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය ශූරතාව දිනා ගැනීමට නවසීලන්ත රග්බි පිල සමත්විය. මෙම රග්බි තරගාලිය තරඟ දෙකක් යටතේ කොළඹදී සහ නුවරදි පැවති අතර එහි තරග දෙකම ජය වාර්තා කිරීමට නවසීලන්ත පිල සමත් විය.

ජයග්‍රාහී නවසීලන්ත පිල ගෝල දිනුම් 02 ක් උත්සාහයක් දිනුමක් සහ දඬුවම් පහර 02 ක් සාර්ථක කර ගනිමින් ලකුණු රැස් කළේය. ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 13 – 07 ක් වශයෙන් නවසීලන්ත පිල ඉදිරියෙන් විය.

ශ්‍රී ලංකා පිල දඬුවම් ගෝල දිනුමක් සහ එක් දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කළේය.

මෙම තරගයේ පාලනය බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකා පිලේ අණසක යටතේ පැවති අතර ඔවුන්ට උත්සහක දිනුම් වාර්තා කිරීමේ අවස්ථා 07 කට ආසන්න ප්‍රමාණයක් හිමි වුවද අවසීලන්ත ක්‍රීඩකයන්ගේ වෘත්තීය රග්බි ක්‍රීඩා දැනුම හමුවේ ඒ සියලු අවස්ථා ශුන්‍ය විය. නවසීලන්ත ක්‍රීඩකයන්ගේ ආවේගශීලී ක්‍රීඩා රටාව බොහෝ අවස්ථා වලදී ප්‍රදර්ශනය කෙරුණ අතර ඔවුන්ගේ ක්‍රීඩකයන් තිදෙනෙකුට කහ අවවාද පත් දිග හැරුණ අතර එක් ක්‍රීඩකයෙකු රතු කාඩ්පතක් මගින් ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා පියවර ගත්තේය.

හොං කොං ජාතික තරග විනිසුරු මෝගන් වයිට් මහතාගේ ප්‍රථම නළා හඳින් තරඟය ආරම්භ වී ප්‍රථම විනාඩියේදීම  ලංකා පිලට දඬුවම් ගෝල දිනුමක් පිරිනමීමට විනිසුරුවරයා පියවර ගත්තේය. තරඟයේ අටවැනි විනාඩියේදී නවසීලන්ත පිලේ සුනියා වොසිකටා විසින් උත්සහක දිනමක් වාර්තා කළ අතර එහිි ප්‍රවර්ධනය සාර්ථක විය.

තරඟයේ 12 සහ 37  විනාඩිි වලදී නවසීලන්ත පිලේ ජෙරාර්ඩ්  පාසිවල්න් දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගන්නා ලදී. පළමු අර්ධය  නිමා වන විට 13-07 ක් වශයෙන් නවසීලන්ත පිල ඉදිරියෙන් විය.

දෙවැනි අර්ධය ආරම්භ වී සුළු මොහොතකින් පසු නවසීලන්ත පිලේ ජොස් ගිලට් විසින් උත්සහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

නවසීලන්ත පිලේ කැම්බල් බුස්බි  දඩුවම් පාරක් සාර්ථක කරගත් අතර තරඟය නිමාවීමට විනාඩි 10 ක් පමණ තිබියදී නමසීලන්ත පිලේ ෆැන්සිස් මොරිසන් විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක විය.


අදහස් (0)

නවසීලන්තයට 25 - 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.