Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
නායක ධනංජය ද සිල්වාගේ දස්කම් හේතුවෙන් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී කොළඹ කණ්ඩායමට එරෙහිව අද (16 වැනිදා) පැවැති තරගයකදී කඩුලූ 4 ක ජයක් වාර්තා කළ යාපනය කණ්ඩායම නැෂනල් සුපර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කයක් හඹාගිය යාපනය කණ්ඩායම ඕවර 46.5 ක් අවසානයේ කඩුලූ 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා හතරේ පහර 8 ක් සමග පන්දු 93 කින් නොදැවී ලකුණු 79 ක් රැස්කරමින් යාපනය කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියේය.
ලකුණු 73 කට කඩුලූ 3 ක් බිඳවැටී තිබියදී සන්තුෂ් ගුණතිලක (30) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 112 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ධනංජය සමත් විය. පන්දු 54 කදී වර්තා වූ සන්තුෂ්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු සදීර සමරවික‍්‍රම පන්දු 60 කින් ලකුණු 39 ක් රැස්කළේද හතරේ පහර 4 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායමට යාපනය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 195 ක් පමණි. එහිදී ධනංජය ද සිල්වා සහ නුවන් ප‍්‍රදීප් කඩුලූ 2 බැගින් දවාගනිමින් කොළඹ පිතිකරුවන් පීඩනයට පත් කළහ.
කොළඹ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රොෂේන් සිල්වා පන්දු 77 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 64 ක් රැුස්කරමින් ඉනිම නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැුදී සිටියේය. එහිදී නුවනිඳු ප‍්‍රනාන්දු හතරේ පහර 4 ක් සමග පන්දු 61 කින් ලකුණු 37 ක් රැස්කළේය.
කොළඹ පිල - ඕවර 50 කදී කඩුලූ 8 කට 195
(නිපුන් ධනංජය 24, නුවනිඳු ප‍්‍රනාන්දු 37, සම්මු අශාන් 15, රොෂේන් සිල්වා නොදැවී 64, නුවන් ප‍්‍රදීප් 22/2, ධනංජය ද සිල්වා 42/2)
යාපනය පිල - ඕවර 46.5 කදී කඩුලූ 6 කට 198
(සදීර සමරවික‍්‍රම 39, ධනංජය ද සිල්වා නොදැවී 79, සන්තුෂ් ගුණතිලක 30, තරිඳු රත්නායක 44/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.