Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිල්ලි කැපිටල්ස් පිල පෙරමුණ එයි

දිල්ලි කැපිටල්ස් පිල පෙරමුණ එයි

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 40 ක් නිමා වන විට ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ප්‍රසාද ලකුණු 14 ක් ලබා සිටින දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 11 කට සහභාගි වී ඇති දිල්ලි කණ්ඩායම ඉන් තරග 7 ක් ජයගෙන තරග 4 ක් පරාජයට පත්ව සිටියි. 

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමද ප්‍රසාද ලකුණු 14 ක් ලබා සිටින නමුත්, දල ලකුණු වේගය අනුව ඔවුන්ට හිමිව ඇත්තේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයයි. මේ දක්වා තරග 10 කට සහභාගි වී ඇති චෙන්නායි කණ්ඩායම ඉන් තරග 7 ක් ජයගෙන තරග 4 ක් පරාජය වී සිටියි. 

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරග 6 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 12 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවන අතර සන්රයිසස් හයිද්‍රාබාද් සහ කිංග්ස් ඞෂ පන්ජාබ් කණ්ඩායම් තරග 5 බැගින් ජයගෙන ප්‍රසාද ලකුණු 10 බැගින් ලබා පිළිවෙලින් සිවුවැනි සහ පස්වැනි ස්ථානවල රැදී සිටිති.  

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ඬේවිඞ් වෝනර් මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර තරග 9 කදී ශතකයක් සහ අර්ධ ශතක 6 ක් සමගින් ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 517 කි. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 100 වෝනර්ගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 73.85 ක් ලෙස සටහන් වේ. 

තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ කගිසෝ රබාඩා සමත් වී ඇති අතර තරග 11 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 23 කි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගැනීම රබාඩාගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන අතර ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය 14.65 ක අගයක් ගනී. 

-036 


අදහස් (0)

දිල්ලි කැපිටල්ස් පිල පෙරමුණ එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.