ශී‍්‍ර ලංකාවේ දේශීය කි‍්‍රකට් තරගාවලිය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව වයස 19 න් පහළ කී‍්‍රඩකයන් පවා සිවුදින තරග වලට හුරුකරවීමේ නව සැලැස්මක් කි‍්‍රයාත්මක කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වෙයි. ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධනගේ සැලැස්මක් අනුව සකස්කරනු ලබන නව සැලසුම් මගින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ වෘත්තීමය ස්වරූපය වඩාත් ඉහළ නැංවීමටත් කි‍්‍රකට් කී‍්‍රඩාව මෙරට පිළිගත් වෘත්තියක් බවට පත්කිරීමටත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අදහස් කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතා පැවසීය.
කොළඹ 7, මෙට්ලන්ඞ් පෙදෙසේ, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී ඊයේ (28 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡුාවකදී සිදත් වෙත්තමුණි මහතා මේ බව ප‍්‍රකාශ කළේය.
ශී‍්‍ර ලංකාවේ දේශීය කි‍්‍රකට් කී‍්‍රඩාවේ වත්මන් සැකිල්ල වන අන්තර් සමාජ තරගාවලිය පවත්වාගෙන යමින්ම, නව වෙනස්කම් කිරීමටත්, කී‍්‍රඩා කරනු ලබන තරග සංඛ්‍යාව නොව කි‍්‍රකට් තරග වල පවතින තරගකාරීත්වය වැඩි කිරීම තමන්ගේ උත්සාහය බවත් වෙත්තමුණි මහතා වැඩිදුරටත් පැවසීය.
දේශීය කි‍්‍රකට් කී‍්‍රඩාවේ තත්ත්වය ඉහළ දැමීමේ තවත් පියවරක් වශයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කී‍්‍රඩකයන් සමග ඇතිකරගන්නා ගිවිසුම් සංඛ්‍යාව සීමා කිරීමටත් ගිවිසුම් වලට බැඳී සිටින කී‍්‍රඩකයන්ගේ ගෙවීම් ඉහළ දැමීමටත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුව සාකච්ඡුා කර තිබේ.
”කී‍්‍රඩකයන්ට ලැබෙන ජාතික කොන්ත‍්‍රාත්තුවලට කිසියම් වටිනාකමක් තියෙන්න ඕනෑ. ඒ වගේම ඒ කොන්ත‍්‍රාත්තු එන එන හැම කෙනාටම නෙමේ..හොඳම කී‍්‍රඩකයන්ට ලැබෙන්නත් ඕනෑ”
”ඒ නිසා ජාතික කොන්ත‍්‍රාත්තු කිසියම් ප‍්‍රමාණයකින් අඩු කරන්නටත් අපි තීරණය කළා” යයිද වෙත්තමුණි මහතා පැවසීය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වාර්ෂිකව කී‍්‍රඩක කොන්ත‍්‍රාත්තු 100 කට මඳක් වැඩි සංඛ්‍යාවක් සඳහා ගිවිසුම් අත්සන් කරයි. ඇතැම් වසර වලදී කොටස් 4 කින්ද තවත් වසර වලදී කොටස් 5 කින්ද කී‍්‍රඩකයන්ට වාර්ෂික ගිවිසුම් ප‍්‍රදානය කෙරේ.
එසේ වුවත් පසුගිය වසර කිහිපයේදී පැවැති අන්තර් පළාත් තරගාවලි කිහිපය සඳහා තෝරා ගන්නා ලද්දේ කී‍්‍රඩකයන් 75 ත් 90 ත් අතර සංඛ්‍යාවක් පමණි. එහිදී කොන්ත‍්‍රාත් ලබාගත් කී‍්‍රඩකයෝ කිහිප දෙනෙක්ම තරගාවලියෙන් ඉවතට විසිවී තිබිණ.
”අපේ පළමු කාර්යය කි‍්‍රකට් කී‍්‍රඩාව දියුණු කිරීමයි. කි‍්‍රකට් කී‍්‍රඩාව දියුණු කිරීම පමණයි”
”අපට ඕනෑ කරන්නේ සෑම තලයකදීම කි‍්‍රකට් කී‍්‍රඩාව දෙස වඩාත් සුබවාදී දෘෂ්ටිකෝණයක් බැලීමේ ප‍්‍රවණතාවක් ඇතිකිරීමටයි. ඒක අන්තර් සමාජ, අන්තර් පළාත් හෝ අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාව වෙන්න පුළුවන්..ඒත් ඒ හැම තැනකදීම එතැනින් ඉහළට නගින්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනෑ” යයිද වෙත්තමුණි මහතා පැවසීය.
මෙම තත්ත්වය ඇති කිරීමේ මූලික සූදානමක් වශයෙන් අන්තර් කී‍්‍රඩා සමාජ පළමු පෙළ තරගයක් සඳහා කී‍්‍රඩකයකුට ගෙවන ලබන මුදල රුපියල් 2500 සිට 7500 දක්වා ඉහළ දැමීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුව සූදානම් වෙයි. ඊට සමානුපාතිකව අන්තර් පළාත් තරගාවලි සඳහා සහභාගි වන කී‍්‍රඩකයන්ගේද ගෙවීම් වැඩි කෙරේ.
මේ අතරම කි‍්‍රකට් කී‍්‍රඩාවේ කුසලතා පමණක් නොව, කී‍්‍රඩකයකු වශයෙන් තිබිය යුතු වෙනත් කුසලතාද හැකි ඉක්මනින් දියුණු කිරීමට තමන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මානව සම්පත් සංවර්ධන අංශයට දැනුම් දී ඇතැයි ද වෙත්තමුණි මහතා වැඩිදුරටත් පැවසීය.
”‘අනේ ඕනෑම වේග පන්දු යවන්නකුට මුහුණ දෙන්නම්. ඒත් මාධ්‍ය සාකච්ඡවකට නම් යන්න බෑ’ කියල කී‍්‍රඩකයෙක් මාත් එක්කම කියල තියෙනවා”
”ඒත් කී‍්‍රඩකයෙක් වුණාම ඒ තත්ත්වයට මුහුණ දෙන්නත් ඉගෙන ගන්න ඕනා. ඇරත් අද දවසේ පරිගණකයක් පාවිච්චි කරන්න සෑම කෙනෙක්ම ඉගෙන ගන්න ඕනෑ. එහෙම නැතිව හෙට දවසේ ඉදිරියට යන්න බෑ”යයි පැවසු වෙත්තමුණි මහතා මැයි මස පළමු සතියේ සිටම එම වැඩපිළිවෙල ආරම්භ කිරිමට මානව සම්පත් අංශයට උපදෙස් දී ඇතැයිද පැවසීය.
ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන මෙම පුවත් පත් සාකච්ඡුාවට එක්වෙමින් පවසා සිටියේ ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, එංගලන්තය සහ ඉන්දියාව වැනි රටවල පළමු පෙළ කි‍්‍රකට් කී‍්‍රඩාව ලෙසින් සැලකෙන්නේ දින 4 තරග වුවත් ශී‍්‍ර ලංකාවේ පළමු පෙළ තරග වශයෙන් සැලකෙන්නේ දින 3 තරග බවයි. එබැවින් වයස 19 න් පහළ අවධියේ සිටම ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩකයන් සිවුදින තරග වලට හුරු කරවිය යුතු බවද මහේල ජයවර්ධන පැවසීය.
”මාත් කී‍්‍රඩා සමාජ තරග වලට කී‍්‍රඩා කරලා තමයි ජාතික කණ්ඩායමට කී‍්‍රඩා කරන්න ආවේ. මම කී‍්‍රඩා සමාජ තරග වලට එරෙහිව කතාකරනවා කියලා වරදවා තේරුම්ගන්න එපා”
”අපි මේ හැම වෙනස්කමක්ම කරන්න ඕනේ කී‍්‍රඩා සමාජ තරග ආරක්‍ෂා කරගෙනයි. එහෙම නැතිව වේගයෙන් දියුණු වන අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාව සමග අපට ඉදිරියට යන්න බෑ” යයිද මහේල ජයවර්ධන පැවසීය.
”ඔබ නිකම් ගණනය කරලා බලන්න ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියා සහ එංගලන්තය නැත්නම් දකුණු අපි‍්‍රකාව වගේ රටවල් අපට වඩා අඩු තරග සංඛ්‍යාවක් කී‍්‍රඩා කරන්නේ. ඒත් ඔවුන්ගේ තරගකාරීත්වය අපට වඩා බොහෝම ඉහළයි”
”ඒ හින්දා අපිත් දින හතරේ තරග ආරම්භ කරන්න ඕනේ. මේකට හොඳම ක‍්‍රමය පළාත් තරගාවලිය නැවත ආරම්භ කිරීමයි. එහෙම නැතිව ඉදිරියට යන්න බෑ” යයිද මේ වන විට අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සම්පූර්ණයෙන්ම සමුගෙන සිිටින මහේල ජයවර්ධන පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.