Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දුලාජ් - රන්මිත මුවර්ස් පිල ඔසවා තබති
23න් පහළ අන්තර් සමාජ

දුලාජ් - රන්මිත මුවර්ස් පිල ඔසවා තබති

editorial - 2023 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මුවර්ස් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන වයස 23 න් පහළ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය වූ අද (21 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි රාගම ක්‍රිකට් සමාජය කඩුලු 8 ක් දැවී ලකුණු 258 ක් ලබා සිටියේය. 

මුලු ලකුණු සංඛ්‍යාව 69 ක් වන විට කඩුලු 4 ක් බිඳවැටුණද, පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට දුලාජ් බණ්ඩාර (73) සහ රන්මිත් ජයසේන (72) සමත් වූහ. දුලාජ්ගේ අර්ධ ශතකය හතරේ පහර 5 කින් සමන්විත වූ අතර රන්මිතගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් විය. 

තීසන් විතුෂාන්ගේ පන්දුවක් හමුවේ මොහොමඩ් ශමාස් අතට උඩ පන්දුවක් දෙමින් දුලාජ් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. ඉන් අනතුරුව නායක ඩිලෝන් පීරිස් (27) සමග එක්වූ රන්මිත හයවැනි කඩුල්ල සඳහා ලකුණු 47 ක් එක් කළේය. දිනය නිමාවන විට ශෂික දුල්ෂාන් හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 29 ක් ලබා සිටියේය. 

මුවර්ස් ක්‍රිකට් සමාජ පළමු ඉනිම - කඩුලු 8 කට 258 
(දුලාජ් බණ්ඩාර 73, ළහිරු දෙවැටගේ 17, රන්මිත් ජයසේන 72, ඩිලෝන් පීරිස් 27, ශෂික දුල්ෂාන් නොදැවී 29, තීසන් විතුෂාන් 90/3, දිනුක දිල්ෂාන් 19/2)


අදහස් (0)

දුලාජ් - රන්මිත මුවර්ස් පිල ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.