Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දින දෙකට නව වාර්තා 20 ක්
ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා

දින දෙකට නව වාර්තා 20 ක්

editorial - 2025 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී දැන් පැවැත්වෙන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අද (13) දෙවැන් දිනය නිමා වන විට නව වාර්තා 20 ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඊට ඊයේ (12) පළමු දිනයේ බිහිව තිබූ නව වාර්තා හයක්ද ඇතුළත්‍ ය.

එහිදී  මීටර 100 - කඩුලු - වයස 16 න් පහළ - බාලක ඉසව්වේ ජයග්‍රාහී ක්‍රීඩකයා එහි නව වාර්තාව පිහිටුවන අතර සිව් වැනි ස්ථානය තෙක් පැමිණි ක්‍රීඩකයයන් එතෙක් පැවැති එහි වාර්තාව අභිබවා යමින් දස්කම් දැක්වීමට සමත්වීම කැපී පෙණුනි.

තරගාවලිය අදත් හෙටත් (14 - 15) දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී පැවැත්වේ.

ඊයේ (13) දෙවැනි දිනය නිමාව වන විට පිහිටුවන ලද නව තරග වාර්තා
* තුන් පිම්ම - (වයස 18 න් පහළ - බාලිකා)
දිල්කී නයගාරා (මීටර 12.44 - පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහල)

*මීටර 300 - කඩුළු - (වයස 16 න් පහළ - බාලිකා)
ජී. ආර්.ධර්මදාස ( තත්පර 45.99 - කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල)

*මීටර 300 - කඩුළු - ( වයස 16 න් පහළ - බාලක)
ඩබ්. එන්.ඊ.ද. සිල්වා (තත්පර 39.73 - හලාවත ශාන්ත මේරි විදුහල )
ටී.ඩී. අළුත්ගෙදර ( තත්පර 40.03 - මහනුවර ත්‍රිත්ව විදුහල - පැරණි වාර්තාව අභිබවා ගොස් ඇත)

* මීටර 400 - කඩුලු - ( වයස 23 න් පහළ - බාලිකා)
එල්.ජී.ඒ.සත්සරණී (ගුවන් හමුදාව - තත්පර 61.28)
උමායා සසන්තී (තත්පර 61.41 - ට්‍රැක් මාස්ටර්ස් - පැරණි වාර්තා අභිබවා ඇත)

*රිටි පැනීම - ( වයස 20 න් පහළ - බාලිකා)
සෙල්වරාසා නිරූසිකා ( මීටර 3.40 - අලවෙඩ්ඩි අරුනෝද්‍ය විදුහල)

*මීටර 400 - කඩුළු - (වයස 20 න් පහළ - බාලක) 
නියෝමාල් අකලංක (අඹගමුව මධ්‍ය මහ විදුහල - තත්පර 50.20)

*තුන් පිම්ම -(වයස 18 න් පහළ - බාලක)
ජේ.එල්.ජෙන්කීන්ස් (මීටර 15.50 - මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල)

*මීටර 100 - කඩුළු - ( වයස 16 න් පහළ - බාලිකා)
ලක්ෂයා සදලී ( තත්පර 13.17 -  කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසල)

* මීටර 100 - කඩුළු - ( වයස 16 න් පහළ - බාලක) 
ව්බ්.එන්.එල්.ප්‍රනාන්දු ( හලාවත ශාන්ත මේරි විදුහල - තත්පර 13.17)

(පැරණි වාර්තාව සම කළ ක්‍රීඩකයන්)
ඔකාෂ් වෙනුද්‍ය ද සිල්වා (ගාල්ල මහින්ද - තත්පර 13.33)
විශ්ව නිම්සර (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල - තත්පර 13.37)
දෙව්දුණු සහස්න (තත්පර 13.53 - ශාන්ත මේරි විදුහල )

* මීටර 110 - කඩුළු - ( වයස 18 න් පහළ - බාලක)
පවන් බිම්සර ඒකනායක (තත්පර 14.08)

*මීටර 200 - ( වයස 18 න් පහළ - බාලිකා)
ධනංජනා ප්‍රනාන්දු (තත්පර 24.45 - ලයිසියම් ජාත්‍යන්තර පාසල )

*මීටර 200 - ( වයස 20 න් පහළ - බාලක)
ඉදූෂ සිල්වා ( තත්පර 21.23 - කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය)

*මිටර 200 - (වයස 23 න් පහළ - පිරිමි)
ඉදුසර විදුෂාන් ( තත්පර 21.34- ට්‍රැක් මාස්ටර්ස්)
කෞෂාන් කමෙල් ( තත්පර - 21.41 - පැරණි වාර්තාව අභිබවා ගොස් ඇත)


අදහස් (0)

දින දෙකට නව වාර්තා 20 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.