
(දමින්ද විජේසූරිය)
මුල් ඉනිමේදී ලකුණු 155 කට දැවී ගිය දඹුල්ල පිතිකරුවෝ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික සුපර් ලීග් (සිව්දින) තරගයේ දෙවැනි දිනය වූ අද (20 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 47 ක් ලබා සිටියහ. ගාල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 339 ක් ලබාගත්තේය.
ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවී යාමත් සමගින් ගාල්ල කණ්ඩායමේ 6 වැනි කඩුල්ලත් ලකුණු 186 දී බිඳ වැටිණ. එහෙත් රමේෂ් මෙන්ඩිස් සහ කවිශ්ක අංජුල එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් සිය මුල් ඉනිමේ වාසිය දිගුකර ගත්තේය.
තරගයේ දින දෙකක් ඉතිරිව තිබියදීම ගාල්ල ක්‍රීඩකයෝ ලකුණු 137 කින් ඉදිරියෙන් සිටිති.
දඹුල්ල - පළමු ඉනිම 155
ගාල්ල - පළමු ඉනිම කඩුලු 339
(හෂාන් දුමිඳු 37, ඇන්ජලෝ මැතිව්ස් 82, පසිඳු සූරියබණ්ඩාර 19, විශාද් රන්දික 17, රමේෂ් මෙන්ඩිස් 60, කවිශ්ක අංජුල 69, මිලාන් රත්නායක 11, ප්‍රවීන් ජයවික්‍රම 29, අසිත ප්‍රනාන්දු 70/3, විශ්ව ප්‍රනාන්දු 75/3, චලන ද සිල්වා 69/2)
දඹුල්ල - දෙවැනි ඉනිම කඩුලු 2 ට 47
(නිමේෂ් ගුණසිංහ 29, ඩිලාන් ජයලත් නොදැවී 13)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.