Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඹුල්ල අපරාජිතව පෙරමුණ ගනී
ජාතික සුපරි ලීගය

දඹුල්ල අපරාජිතව පෙරමුණ ගනී

editorial - 2023 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ මුල් තරග 8 අවසන් වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට අපරාජිත දඹුල්ල කණ්ඩායම සමත්ව සිටියි. මෙතෙක් සහභාගි වූ තරග 3 ම ජයගෙන ඇති දඹුල්ල කණ්ඩායම, ප්‍රසාද ලකුණු 2 ක්ද සමග ලබා සිටින මුලු ලකුණු සංඛ්‍යාව 14 කි. 

මෙතෙක් පැවැති තරගවලදී කොළඹ කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක් ජයක්ද, ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 62 ක ජයක්ද, මහනුවර කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක්ද වාර්තා කිරීමට දඹුල්ල ක්‍රීඩකයෝ සමත් වූහ. 

සහභාගි වූ තරග 3 න් තරග 2 ක් ජයගෙන සිටින යාපනය කණ්ඩායම ප්‍රසාද ලකුණක්ද සමග මුලු ලකුණු 11 ක් ලබා ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි. ඔවුන් සහභාගි වූ සෙසු තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත් විය. 

ඊයේ (20 වැනිදා) පැවැති තරගයකදී ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය. එහිදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් ළහිරු උදාර (109) ශතකයක්ද, අහන් වික්‍රමසිංහ (71) අර්ධ ශතකයක්ද, වාර්තා කළ අතර ගාල්ල කණ්ඩායම වෙනුවෙන් සොහාන් ඩි’ ලිවේරා (52) සහ පැතුම් කුමාර (66) අර්ධ ශතක ලබාගත්හ. 

මහනුවර පිලට ලකුණු 8 ක ජයක් 

මහනුවර පිල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 293
(සඳුන් වීරක්කොඩි 24, ළහිරු උදාර 109, අහන් වික්‍රමසිංහ 71, පුලින තරංග 30, අමිෂි ද සිල්වා නොදැවී 18, මොහොමඩ් සිරාස් 45/2, කවිෂ්ක අංජුල 54/2, ප්‍රවීන් ජයවික්‍රම 53/2) 

ගාල්ල පිල - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 285 
(සොහාන් ද ලිවේරා 52, මොහොමඩ් සමාෂ් 19, ධනංජය ලක්ෂාන් 21, ලක්ෂාන් එදිරිසිංහ 39, පැතුම් කුමාර 66, සමින්ද ලක්ෂාන් 42, අෂීන් ඩැනියෙල් 36/3, පුලින තරංග 43/3) 

 


අදහස් (0)

දඹුල්ල අපරාජිතව පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.