Last Update  :  2026-04-06 21:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානු නැගීඑන පිල ඉදිරියට

දකුණු අප්‍රිකානු නැගීඑන පිල ඉදිරියට

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල සහ සංචාරක දකුණු අප්‍රිකානු නැඟීඑන ක්‍රිකට් පිල අතර සිවුදින ක්‍රිකට් තරගාවලියේ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් තරගයේ තෙවැනි දිනය වූ අද (04) පස්වරුවේ ක්‍රීඩාව අත්හිටුවන විට දකුණු අප්‍රිකානු පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 344 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.

දකුණු අප්‍රිකානු පිල මේ වන විට කඩුලු 4 ක් ඇතැතිව ලකුණු 241 ක් ඉදිරියෙන් සිටියි.

මෙහිදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට පීඩනයක් යොමු කිරීමට අපොහොසත් වූහ. ශ්‍රී ලංකා පිලේ ප්‍රධානම දඟ පන්දු යවන්නා වන ජෙෆ්රි වැන්ඩසේ යැවූ පන්දුවලින් අඩකට ආසන්න සංඛ්‍යාවක් කෙටි සහ දුර්වල පන්දු වීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් උඩ පන්දු කීපයක් අතහැරීමෙන් ද දකුණු අප්‍රිකානු පිලට සාර්ථක වීමට මඟ විවර විය. රේනාඞ් වෑන් ටොන්ඩර් ලකුණු 40 ක් ලබා සිටියදී කමිඳු මෙන්ඩිස්ගේ පන්දුවකට සම්මු අෂාන් වෙත ලබාදුන් පහසු උඩ පන්දුව ගිලිහී යෑමෙන් නැවත තරගයට අවතීරණ වීමට තිබූ අවස්ථාව මඟ හැරුණි.

රේනාඞ් වෑන් ටොන්ඩර් ලකුණු 68 ක් ලබා සිටියදී ළහිරු ගමගේ යැවූ පන්දුවක් අතේ වැදී ඇඟිල්ලක් තුවාල වීමෙන් පිටියෙන් ඉවත්වීම දකුණු අප්‍රිකාවට දැඩි පාඩුවක් බවට පත්විය.

දකුණු අප්‍රිකානු පිතිකරුවෝ තේ විවේකය වන විට ලකුණු 134 ක වාසියක් ලබාගැනීමට සමත්ව සිටියහ.   
නායක ටෝනි ඩී සෝසි සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 167 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 103 ක් රැස්කිරීමට සමත් විය.

 ටෝනි ඩී සෝසි සහ කාගිසෝ රපුලානා දෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 99 ක සම්බන්ධතාව තරගයේ වාසිය දකුණු අප්‍රිකානු පිලට මාරු කළේය.

දකුණු අප්‍රිකානු පිල දිවා විවේකය වන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 134 ක් රැස්කර සිටියේය.  
රයන් රිකල්ටන් ලකුණු 37 ක් ලබා සිටියදී බිනුර ප්‍රනාන්දුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් තෙවැනි දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (03) පස්වරුවේ ක්‍රීඩාව අවසන් වන විට දකුණු අප්‍රිකානු නැඟීඑන පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 47 ක් රැස්කර ලකුණු 56 ක් පිටු පසින් සිටියේය.  

හෙට (05) තරගයේ සිවුවැනි සහ අවසන් දිනයයි.  


ලකුණු පුවරුව

දකුණු අප්‍රිකනු නැඟීඑන ක්‍රිකට් පිල පළමු ඉනිම ඕවර 64.3 කදී සියලු දෙනා දැවී 216
(රයන් රිකල්ටන් 51,  නන්ද්‍රි බර්ගර් 31, කමිඳු මෙන්ඩිස් 32/4)

ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල පළමු ඉනිම ඕවර 92 කදී සියලු දෙනා දැවී 319
(කෞෂාල් සිල්වා 34, චරිත් අසලංක 100, සම්මු අෂාන් 61, කමිඳු මෙන්ඩිස් 31, ලුතෝ සිපම්ලා 75/4)


දකුණු අප්‍රිකනු නැඟීඑන ක්‍රිකට් පිල දෙවැනි ඉනිම
රයන් රිකල්ටන් - ප. බිනුර     37
ටෝනි ඩී සෝසි - ඇ. නිස්සංක ප. ළහිරු ගමගේ     103
කාගිසෝ රපුලානා - ප. අකලංක    41
රේනාඞ් වෑන් ටොන්ඩර් - තුවාල ලබා ඉවත් වුණා    68
මැතිව් බි්‍රටිෂ්කි - ක. මූ. කළා ප. කවිඳු    21
ජෙවෙෂාන් පිල්ලෙයි - ඇ. කමිඳු ප. අසලංක    15
ඊතාන් බොස්ච් - ප. බිනුර      23
මන්ගාලිසෝ න්ලිබිලා - නොදැවී    4
ග්‍රෙගරි මලොක්වානා - නොදැවී    6
අතිරේක    25
එකතුව ඕවර 101 කදී කඩුලු 6 ක් දැවී    344

පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
නන්ද්‍රි බර්ගර්, ලුතෝ සිපම්ලා

කඩුලු වැටීම:
1-83(රිකල්ටන්), 2-182(රපුලානා), 3-200(සෝසි), 4-253(බි්‍රටිෂ්කි), 5-279(පිල්ලෙයි), 6-329(බොස්ච්)

පන්දු යැවීම:
ළහිරු ගමගේ: 17-1-51-1, නිසල තාරක: 12-2-39-0, කමිඳු මෙන්ඩිස්: 27-1-89-1, ජෙෆ්රි වැන්ඩසේ: 18-1-74-0, බිනුර ප්‍රනාන්දු: 14-3-23-2, චරිත් අසලංක: 13-1-51-2

 

 


අදහස් (0)

දකුණු අප්‍රිකානු නැගීඑන පිල ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.