Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානු සංචිතය 19 කට වැඩිකරයි

දකුණු අප්‍රිකානු සංචිතය 19 කට වැඩිකරයි

editorial - 2020 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


 
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි වන සියලුම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් පෙරේදා (20 වැනිදා) විශේෂ පරීක්ෂණ කිහිපයකට මුහුණ දුන් අතර ඔවුන් කිසිවකුට කොරෝනා වයිරසය අසාදනය වී නැති බව එම පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියේ දකුණු අප්‍රිකානු සංචිතයේ ක්‍රීඩකයන් සියලුම දෙනා ප්‍රිටෝරියා හි ජෛව ආරක්ෂිත පරිසරයකට ඇතුළු වූ සැණින් සියලුම සාමාජිකයින් පරීක්ෂාවට ලක් කළ බවයි.

සිකුරාදා නම්කරන ලද සංචිතයෙන් ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා සංචිතයෙන් ඉවත් කරන ලදි. අනතුරුව සංචිතය ක්‍රීඩකයන් 19 දෙනකු දක්වා විශාලනය කර තිබේ.

මේ අතර දකුණු අප්‍රිකානු නායක ක්වින්ටින් ඩි‘කොක් ඊයේ (21 වැනිදා) පුවත් පත් සාකච්ඡාවකදී කියා සිටියේ තමන් නායකත්වය ගත්තේ එය තාවකාලික පත්වීමක් බව හොඳින්ම දැනගෙන බවයි.

“ඔවුන් මට තත්ත්වය ගැන කිව්වාම මම දැනගත්තා මොකක්ද වෙන්න යන්නේ කියලා... මම ඒක එක පාරටම බාරගත්තේ නෑ... ටිකක් හිතුවා...“

“කොහොම වුණත් තවත් කෙනෙක් මේ කාර්යය බාරගන්න සූදානම් වුණාම ඔවුන් (තේරීම් කමිටු නිලධාරීන්) එයාව තෝරාගනීවි.... ඒත් මේ වෙලාවේ මේක බාරගන්න ලැබීම ගැන මම සතුටු වෙනවා“ යයි ක්වින්ටින් ඩි‘කොක් පැවසිය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වන දින සෙන්චූරියන් නුවරදී ආරම්භ වේ.

දෙවන හා අවසාන ටෙස්ට් තරගය ජනවාරි 3 සිට 7 දක්වා ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරර්ස්හිදී පැවැත්වේ.

දකුණු අප්‍රිකානු සංචිතය
ක්වින්ටන් ඩි කොක් (නායක), ටෙම්බා බාවුමා, ෆෆ් ඩු ප්ලෙසිස්, ඩීන් එල්ගා, සාරෙල් අර්වී, බියුරන් හෙන්ඩ්‍රික්ස්, කේෂව් මහරාජ්, ඒඩ්න් මාක්රාම්, වියාන් මල්ඩර්, ලුන්ගි න්ගිඩි, ඇන්රික් නෝයේ, කීගන් පීටර්සන්, ඩ්වේන් ප්‍රිටෝරියස්, මිගෙල් ප්‍රිටෝරියස්, ලූතෝ සිම්පාලා, ග්ලෙන්ටන් ස්ටුවර්මන්, රාසි වැන්ඩර් ඩසන්, රේනාර් වැන්ටොන්ඩර් සහ කයිල් වරීන්
 
​- 2079

 


අදහස් (0)

දකුණු අප්‍රිකානු සංචිතය 19 කට වැඩිකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.