Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී (17 වැනිදා) දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 95 කට සීමා කිරීමට මැට් හෙන්රි ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ හෙන්රි ලකුණු 23 කට කඩුලු 7 ක් බිඳහෙළමින් දකුණු අප්‍රිකානු ඉනිම සුනුවිසුණු කර දැමුවේය.
දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සුබේර් හම්සා හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක් රැස්කළ අතර කයිල් වැරියන් හතරේ පහර 2 ක් සමග ලකුණු 18 ක් රැස්කළේය. නායක ඩීල් එල්ගා (1) දවාගනිමින් සිය කඩුලු දඩයම ඇරඹූ මැට් හෙන්රි, ඉන් අනතුරුව ඒඩ්න් මාක්‍රම් (15) සහ රාසි වැන්ඩර් ඩසන් (8) දවාගනිම්න් දකුණු අප්‍රිකානු ඉනිම අඩ පණ කළේය.
පළමු දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 116 ක් ලබා සිටියේය. දිනය නිමාවන විට හෙන්රි නිකෝල්ස් හතරේ පහර 5 ක් සමග ලකුණු 37 ක්ද, නීල් වැග්නර් ලකුණු 2 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ අනුව නවසීලන්තය කඩුලු 7 ක් අතැතිව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 21 ක් ඉදිරියෙන් සිටියි.
නායක ටොම් ලේතම් ලකුණු 15 කට පිටියෙන් ඉවත්කළ ඩුවෑන් ඔලිවර් ඉන් නොනැවතී ඩෙවෝන් කොන්වේගේ ඉනිමද ලකුණු 36 කට සීමා කළේය. මාර්කෝ ජැන්සන්ගේ පන්දුවක් හමුවේ කයිල් වැරියන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට විල් යං ලබා සිටියේ ලකුණු 8 ක් පමණි.
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 95
(ඒඩ්න් මාක්‍රම් 15, සුබේර් හම්සා 25, කයිල් වැරියන් 18, මැට් හෙන්රි 23/7)
නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 116
(ටොම් ලේතම් 15, ඩෙවෝන් කොන්වේ 36, නීග් වැග්නර් නොදැවී 37, ඩුවෑන් ඔලිවර් 36/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.