සිංගප්පූරුවේදී පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශුරතාවලියේදී පළමු තරගයට ඊයේ (7 වැනිදා) මුහුණ දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම විසින් චීන තායිපේ පිල පරාජය කරමින් ලකුණු 57-36 ක ජයක් ලබාගත්තේය. කෙසේ වෙතත් ලකුණු පුවරුවේ සටහන් ලකුණු පරතරයට වඩා මෙම තරගය තියුණු එකක් විය.
තමන්ගේ උස සහ නම්‍යශීලීතාව මනා ලෙස භාවිතා කරමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම හමුවේ විශිෂ්ට සටනක නියැලූණු චීන තායිපේ කී‍්‍රඩිකාවෝ ඉතා වේගවත් තරගයක නිරත වූහ. තමන්ගේ වේගය සහ කි‍්‍රයාශුරත්වය ප‍්‍රයෝජනයට ගත් තායිපේ කී‍්‍රඩිකාවෝ ශී‍්‍ර ලංකා පිලේ උසම කී‍්‍රඩිකාව වන අඩි 6 අගල් 10 ක් උස තර්ජිනී ශිවලිංගම්ගේ පන්දු විදීම සෑහෙන දුරකට පාලනය කරගනිමින් තරගයේ පළමු අර්ධය නිමා වන විට 29-22 ක් වන තරමට ශී‍්‍ර ලංකා පිල සීමාකළහ.
එන පොට හොඳනැති බව වටහාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට තරගයේ වාසිය අත්කරගැනීමට නම් දෙවැනි අර්ධයේදී වඩාත් වේගවත් තරගයකට පිවිසීමට සිදුවිය. එහිදී තායිපේ කී‍්‍රඩිකාවන් පන්දුව විදීමේ අවස්ථා අපතේ යැවීම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිල තරගයේ වාසිය අත්කරගත්තේය. මෙම හේතුව නිසා තුන්වැනි කාර්තුව වන විට තරගය තායිපේ පිල වෙතින් ලිස්සා යන ආකාරයක් දැකගත හැකි විය.
තරගයෙන් අනතුරුව ශී‍්‍ර ලංකා පිලේ කී‍්‍රඩිකා මරීසා ප‍්‍රනාන්දු පැවසූවේ චීන තායිපේ කණ්ඩායම ඉතා හොඳ දියුණුවක් ලබා ඇති බවයි.
”අප මීට පෙර ඔවුන් දුටුවේ 2009 තරගාවලියේදීයි. එදා මෙදා අතරතුර කාලයේදී ඔවුන් ඉතාමත් හොඳ දියුණුවක් ලබා තිබෙනවා....ඔවුන් අපට මේ තරම් සටනක් දේවි කියා අප සිතුවේ නෑ”
”කොහොම වුණත් අපිත් හොඳ සටනක් දීලා තරගය ජයගත්තා” යයි මරීසා ප‍්‍රනාන්දු පැවසුවාය.
මෙය චින තායිපේ කණ්ඩායම ආසියානු දැල්පන්දු ශුරතාවලියට ඉදිරිපත්ව සිටින දෙවැනි අවස්ථාවයි. වසර 2009 දී ඔව්හු තරගාවලියේ 6 වැනි ස්ථානය අත්කරගත්හ.
චීන තායිපේ පුහුණුකාරිනි ගෝ සෙක් තුක් පවසා සිටියේ තම කණ්ඩායමේ වැඩිදෙනකු හිටපු පැසිපන්දු කී‍්‍රඩිකාවන් වන බැවින් මෙම තරගයේදී ඔවුන් දැක්වූ දස්කම් ඉහටත් උඩින් පැවැති බවයි.
ආසියානු දැල්පන්දු තරග ඉතිහාසයේ සිවු වතාවක් ශූරතාව දිනා සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වතාවේදී උත්සාහ ගන්නේ කෙසේ හෝ තරගාවලිය ජයගනිමින් ලෝක කුසලාන තරගාවලියේදී තමන්ට හිමි තැන නැවතත් ලබාගැනීමටයි.
වසර දෙකකට ඉහතදී සිංගප්පූරුව හමුවේ ලකුණු 2 කින් පරාජය වූ ශී‍්‍ර ලංකා පිල වසර 2009 දී ලකුණු 2 කින් සිංගප්පූරු පිල පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත්තේය. එබැවින් මෙවරත් ශී‍්‍ර ලංකා - සිංගප්පූරු අවසන් තරගයක් පිළිබඳ බලාපොරොත්තු තබාගත හැක්කේ ශී‍්‍ර ලංකාව සහ සිංගප්පූරුව කාණ්ඩ දෙකෙහි තරග වදින බැවිනි.
මෙවර තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල ‘බී’ කාණ්ඩයෙන් තරග වදින අතර හෙට (9 වැනිදා) සිංගප්පූරු වේලාවෙන් පෙරවරු 10.00 ට මියන්මාරයට එරෙහිව පැවැත්වේ.
ඉරිදා පැවැති සෙසු තරග ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.