Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණයට පෙර සාධාරණය ඉල්ලා තමන්ට අධිකරණය වෙත යාමට සිදුවනු ඇතැයි නිශාන්ත රණතුංග, කේ. මතිවානන් සහ බන්දුල වර්ණපුර යන මහත්වරු කියා සිටිති. කේ. මතිවානන් සහ නිශාන්ත රණතුංග යන මහත්වරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උසස්ම නිලධාරීන් දෙදෙනෙකි. බන්දුල වර්ණපුර මහතා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයාද වෙයි.
මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන මෙම තිදෙනා තමන්ව හඳුන්වාගනු ලබන්නේ “තුන් කට්ටුව” ලෙසිනි.
කෙසේ වෙතත් තමන් විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාවන්ට නිලවරණ කමිටුවෙන් සාධාරණ ප්‍රතිචාර ලැබී නැති බැවින් ඉතාම ඉක්මනින් තමන් අභියාචනා කමිටුව දක්වා තමන්ගේ විරෝධතා ඉදිරිපත් කරන බවද නිශාන්ත රණතුංග මහතා පවසයි.
“වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව විසින් පත් කරන ලද මැතිවරණ කමිටුවට අපි විරෝධතා ගොනු කරලා තියෙනවා. ඔවුන්ට තනතුරු දැරීමට හැකි කාල සීමාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාටත් අපි කරුණු දක්වලා තියෙනවා. ඒත් අපට ලැබෙන ප්‍රතිචාරය තමයි අපේ විරෝධතා සම්බන්ධ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවලා කියන එක”
“ඒ නිසා අපි ලබන සඳුදාට ඉස්සරින් අභියාචනා කමිටුවත් මේ සම්බන්ධයෙන් දැනුම් දෙන්න කටයුතු කරනවා” යයි කී රණතුංග මහතා...
“පසුගිය වතාවෙදිත්, ඒ කියන්නේ 2017 දී වගේම 2019 දීත් මේදේම වුණා. 2019 දී අපේ විරෝධතාවල සැබෑ ප්‍රතිඵළ ලබාගන්න අපට අභියාචනාධිකරණය දක්වා යන්න සිද්ධ වුණා” යයිද පැවසීය.
නිශාන්ත රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (අතුරු කමිටුවේ) හිටපු ලේකම්වරයෙකි. කේ. මතිවානන් මහතා අතුරු කමිටු සාමාජිකයකු ලෙසින් කටයුතු කළ අතරම ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වශයෙන්ද දීර්ඝ කාලයක් කටයුතු කළේය. බන්දුල වර්ණපුර මහතා දිගු කලක් ක්‍රිකට් පරිපාලනයෙන් ඈත්වී සිටියද තමන්ගේ ඉදිරිපත් වීම ගැන කරුණු දක්වා සිටියේ “මේ වෙලාවේදීවත් මම මේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕනා” කියමිනි.
“ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වශයෙන් විවිධ පුද්ගලයන් වගේම මාධ්‍ය පවා මගෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන බොහොම කරුණු විමසනවා. ඒවාට මට උත්තර නොදී ඉන්න බෑ. මොකද මමත් හිටපු ක්‍රීඩකයෙක්... නායකයෙක්... මටත් වගකීමක් තියෙනවා”
“දැන් මට වයස 68 යි. ඉතින් මේ වෙලාවේදීවත් මම ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැතිනම් කොයි වෙලාවේ ඉදිරිපත් වෙන්නද” යයි වර්ණපුර මහතා කීවේය.
වර්ණපුර - මතිවානන් - රණතුංග තුන් කට්ටුවට ඇත්තේ පහසු තර්කයකි.
“මීට අවුරුදු 10 කට විතර ඉස්සර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ රටවල් තිබුණේ අටක් විතරයි. පසුව ඒක 10 ක් වෙලා දැන් එය 12 ක් බවට පත්වෙලා තියෙනවා. රටවල් ගණන වැඩිවුණත් වසරක් සඳහා තියෙන්නේ දින 365 යි. ඒ නිසා දැන්, අන්තර්ජාතික ක්‍රිකට් සභාව මේ කණ්ඩායම් සංඛ්‍යාව අඩු කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා”
“මේ වගේ තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාව දෙවන ශ්‍රේණියට වැටීම සම්බන්ධයෙන් විශාල අවදානමක් තියෙනවා. ඒ නිසා වගකිවයුතු ක්‍රීඩා සමාජයක් ලෙසත්, ජාත්‍යන්තර මට්ටමේ සහ පළමු පන්තියේ ක්‍රීඩාව කළ පුද්ගලයන් ලෙසත් අපි අපේ නාමයෝජනා ඉදිරිපත් කර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේවල් වෙනස් කිරීමට උත්සාහ කළ යුතුයි. ” යයිද නිශාන්ත රණතුංග මහතා පැවසීය.
සෑම් Friday, 19 March 2021 10:28 PM
අනිවාර්යයෙන් වෙනසක් කළ යුතුයි. ලංකාවේ හිටපු දක්ෂ ක්‍රීඩකයන් කියන පරිදි ඡන්ද ක්‍රමය අහෝසි කර, පළමු පෙල කණ්ඩායම් අඩු කළ යුතුයි. සිදත් වෙත්තමුනි, අමල් සිල්වා වගේ අයට පරිපාලනය දිය යුතුයි. ඔය තුන් කට්ටුවේ දෙදෙනෙක්ම පසුගිය වකවානුවල කරපු දේවල් මහජනයා දැක්කා. තවත් මෙතැනටම රිංගන්න එනවා. මොකක්ද රහස?.....සල්ලී වලට ආශාව වෙන මුකුත් නොවේ.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.